ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ආසන්න ස්ථාන දෙකක කාර් බෝම්බ දෙකක් පිපිරීමෙන් 12 දෙනකු මියගොස් 38 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන් එක් බෝම්බයක් කරාදා නැමැති ජනාකීර්ණ ස්ථානයක පුපුරා ගොස් ඇති අතර එම පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 11 දෙනෙක් බවත් මාධ්‍ය වාර්තාවල දැක්වේ. එම බෝම්බයෙන් තුවාල ලැබූ පිරිස 33 දෙනෙකි.
අනෙක් බෝම්බය පුපුරාගොස් ඇත්තේ ගිණිකොන දිග බැග්ඩෑඩයේ ෂාබ් හි වෙළඳ පොළක දී ය. එම බෝම්බයෙන් එක් අයකු මියගොස් පස් දෙනෙක් තුවාල ලැබ සිටිති. බෝම්බ ප්‍රහාරයේ වගකීම තම සංවිධානය බාර ගන්නා බව අයිඑස් සංවිධානය විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඉරාකයේ කාර් බෝම්බ දෙකක් පුපුරයි
රජින්ද Sunday, 03 July 2016 11:16 AM
කෘෘර ඇමෙරිකාව ප්‍රමුඛ ඇතැම් මැදපෙරදිග රටවල් ලෝකෙට කරපු හරිය තමයි ඔය. ඒ රටවල පාලන තන්ත්‍රය බිද වට්ටලා රටවල් අස්ථාවර කිරීමේ ප්‍රථිපලයි දැන් ඒ රටවලට ලැබෙමින් තියෙන්නේ. මේවා අපිටත් හොද පාඩම්. (බ)