IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ඉන්දීය රජය ගන්න තීන්දුවට ගරු කරනවා - විරාත් කෝලි

ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානය සමඟ පැවැත්වෙන තරගය වර්ජනය කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අනුගමනය කරන්නේ ඉන්දීය රජය ගන්න තීන්දු තීරණ යැයි එම ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි පැවැසීය.

එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ලබන මැයි මාසයේදී ආරම්භ වීමට නියමිතය. එම තරගාවලිය යටතේ ලබන ජූනි මාසයේදී ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයක් පැවැත්වීමට නියමිතය.

මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයන් 40 දෙනකු මිය යෑමත් සමඟ ඉන්දියව සහ පාකිස්තානය අතර නොහොඳ නෝක්කාඩු නැවතත් උග්‍ර වී තිබේ.

කාශ්මීරයේදී ඉන්දීය හමුදා වෙත එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම “වික්ෂිපත්භාවයට” පත්වුණා යැයි ද විරාත් කෝලි කීය. 

“ත්‍රස්තවාදයට උල්පන්දම්” දෙන කිසිදු රටක් සමඟ සබඳතා නොපවත්වන්නැයි ක්‍රිකට් ප්‍රජාවට අවධාරණය කරන බව කියමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිපියක් ද යොමු කර ඇත. 

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය ජූනි 16 වැනිදා පැවැත්වීමට නියමිත අතර එම තරගය වර්ජනය කරන්නැයි කෝපයට පත් ඉන්දීය ක්‍රිකට් ලෝලීහු ඉල්ලා සිටිති. 

ආණ්ඩුව සමඟ සාකච්ඡා කර එම තරගය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කර ඇති අතර තමන් ඇතුළු කණ්ඩායම එම තීරණය ගරු කරන බව විරාත් කෝලි කීය. 

“කාශ්මීරයේදී සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය කණ්ඩායම ඇතුළු සියලු දෙනා කම්පාවටත් කනගාටුවටත් පත්වෙනවා” යැයි විශාකාපට්නම්හිදි ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැත්වෙන පන්දුවර විස්සයි20 තරගයට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් විරාත් කෝලි පැවැසීය. 

“අපේ මතය හරිම සරලයි. රටට මොකක්ද කරන්න ඕනේ, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරන්නේ මොකක්ද අපි ඒ මතයේ ඉන්නවා. එය තමයි අපේ මතයි. ඉන්දීය රජය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරන්නේ කුමක් ද අපි එම තීරණයට ගරු කරමින් එය අනුගමනය කරනවා” යැයි ද කෝලි කීවේය. 

දේශපාලන අර්බුද හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය 2013 වසරේ සිට දෙරට අතර ක්‍රිකට් තරගාවලියක් පවත්වා නැත. 

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය මැන්චෙස්ටර්හිදී පැවැත්වීමට නියමිතය. එම තරගය වර්ජනය කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉන්දීය පිලේ හිටපු ක්‍රීඩකයන් මේ වනවිට විවිධ මත පළ කර ඇත. ඇතැම් ක්‍රීඩකයන් තරගය වර්ජනය කළ යුතු යැයි පවසා ඇති අතර ඇතැම් ක්‍රීඩකයන් එසේ නොකළ යුතු යැයි පවසා ඇත. 

ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඉන්දියාව පාකිස්තානයට එරෙහිව අපරාජිත වාර්තාවක් පවත්වාගෙන ඇති බැවින් එම වාර්තාව දිගටම පවත්වා ගත යුතු බවත් තරගය අත්හැර නොදැමිය යුතු බවත් ලෝක පූජිත පිතිකරුවකු වන ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් පවසා ඇත. එහෙත් රට ගන්නා ඕනෑම තීරණයකට තමන් සහයෝගය දෙන බව ඔහු ප්‍රකාශ කර ඇත. 

රොයිටර් ඇසුරිනි

055 

 

 

 

 

 



අදහස් (2)

ඉන්දීය රජය ගන්න තීන්දුවට ගරු කරනවා - විරාත් කෝලි

de silva berlin Monday, 25 February 2019 09:12 AM

පළමුවෙන්ම මේ ක්‍රීඩකයන්ගේ විනය සහ රට ජාතිය ගැන ඇති ආදරය ගැන ප්‍රශංසා කරලා ඉන්න ඕනේ, එ්ක නිසා තමයි ඔවුන් තරඟ දිනන්නේ.., නමුත් මෙහිදී සිහිපත් කරන්න ඕනේ රටවල් අතර දේශපාලන ප්‍රශ්න ක්‍රිකට් ක්‍රීඩාවට ගෙන එන එක එච්චර හොඳ දෙයක් නොවේ. ක්‍රීඩාව කියන්නේ රටවල්, ජාතින් අතර සහයෝගිතාව වර්ධනය කරන පාලමක්..., ඉන්දියාව කියන්නෙත් අතීතයේදී ලංකාවේ කොටි ත්‍රස්තවාදීන්ට පුහුණුව සහ ඔවුන්ට රටතුළ නිදහසේ සංවිධානය වෙන්න බැරිය. ඔවුන්ට සහයෝගය දීපු රටක්...

:       0       36

Eiffel Monday, 25 February 2019 10:26 AM

කොටින්ට උඩ ගෙඩි දුන්නු ඉන්දියාවට අද මෙහෙම කියන්න වීමම දෛවයේ සරදමක්... එක අතකින් ගත්තම ඉන්දියාවෙයි, පාකිස්තානෙයි උන් පොඩි එවුන් වගේ.. කාට හරි බෝම්බයක් අටවලා උන් දෙගොල්ලන් මරාගන්නවා. බලබල හිනාවෙන්න පුළුවන්.. අර ඉස්ස්කෝලෙ යන ළමයින් කොටවලා උන් ගහගන්නවා බලන් ඉන්නවා වගේ.. දේශපාලනය ක්‍රීඩාවට ගේන එකනම් අනුමත කරන්න බෑ..

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31065 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13206 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 30 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site