ඉන්දීය ජනපති රාම්නාත් කෝවින්ද් රට තුළ ආයෝජන කිරීමට එක්වන ලෙස ඉන්දීය ඩයස්පෝරාවට ආරාධනා කර ඇත. සිඩ්නි නුවරදී ඉන්දීය ඩයස්පෝරාව ඇමතූ අවස්ථාවේදී මෙම ආරාධනය සිදු කළේය.

වියට්නාම සංචාරයෙන් පසු ඉන්දීය ජනාධිපතිවරයා සිව් දින සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණියේය.

ඉන්දීය ජනාධිපතිවරයෙක් ඕස්ට්‍රේලියානු සංචාරයක් සඳහා පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ.

ජනාධිපතිවරයා සිඩ්නි නුවරදී පළමු ලෝක යුද්ධයේදී මියගිය අය වෙනුවෙන් 1934 දී ඉදිකර ස්මාරකයට ගෞරවය පුදකළේය.

ජනාධිපතිතුමා හෙට ඕස්ට්රේලියානු අගමැති ස්කොට් මොරිසන් සමඟ සාකච්ඡා පවත්වා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිතය.

- 63226