එම්.බි.බි.එස් වෛද්‍ය උපාධිධාරීන් බඳවාගැනීමේදි කළ වංචාවකට වරදකරු වූ කොංග‍්‍රස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෂීඞ් මසූද් වසර හතරක කාලයකට සිරභාරයට පත්කරන ලෙස පෙරේදා (01) දිල්ලි උසාවිය නියෝග කළේය.පෙරේදා දිනම ඔහු තිහාර් බන්ධනාගාරයට රැගෙන යනලදි.
දුෂණ වැළැක්වීමේ පනත යටතේ වරදකරු වූ පළමු රාජ සභිකයා ඔහුය.මෙම සිද්ධියට සම්බන්ධ සිසුන්ටද වසරක සිර දඬුවම් කාලයක් නියම විය.එසේම අයි.පි.එස්. නිලධාරි ගර්දයාල් සිං සහ අයි.ඒ.එස් නිලධාරි ඒ.කේ.රෝයි යන නිලධාරීන්ටද වසර හතර බැගින් සිරදඬුවම් නියමවිය.
විශේෂ අධිකරණයක් හමුවේ පැවති නඩු විභාගයකින් මෙසේ රෂීඞ් මසූද් වරදකරු වූයේය.1990/1991 කාලයේ මසූද් ඉන්දීය රජයේ සෞඛ්‍ය ඇමතිවරයාව සිටියදි සුදුසුකම් නොලත් ඉල්ලූම්කරුවන්ට ති‍්‍රපුර සෞඛ්‍ය විද්‍යාලයවල එම්.බි.බි.එස් වෛද්‍ය උපාධි අපේක්ෂකයන්ට අයත් ආසන වෙන් කිරීම ඔහුට විරුද්ධව ඇති චෝදනා වේ.
එසේම ඉන්දීය රුපියල් කෝටි 950 ක මුදලක් වංචාවකට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටි බිහාර් ප‍්‍රාන්තයේ හිටපු මහ ඇමැති මෙන්ම ඉන්දීය දුම්රිය කටයුතු පිළිබඳ ඇමැතිවරයා ලෙස ද කටයුතු කළ ලල්්ලූ ප‍්‍රසාද් යාදේව්, ඉකුත් 30 වැනිදා එම චෝදනාවලට වරදකරු වූයේය.
එම මහා මුදල් වංචාවට ලල්ලූ ප‍්‍රසාද් යාදේව්ට පමණක් නොව, තවත් රාජ්‍ය නිලධාරීන් 44 දෙනකුට එරෙහිව ද චෝදනා ඉදිරිපත් වී තිබුණි. ඔවුහු ද මධ්‍යම විමර්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අධිකරණයක් හමුවේ වරදකරුවෝ වූහ.
හිටපු මහ ඇමැතිවරයා ඇතුළු පිරිසට චෝදනා එල්ල වූයේ ජර්කාන්ද් ප‍්‍රාන්තයේ චයිබාසා භාණ්ඩාගාරයෙන් ඉන්දීය රුපියල් කෝටි 950 ක මුදලක් සොරා ගැනීම ගැනය.
විශේෂ අධිකරණය හමුවේ වරදකරුවීමෙන් පසු, හිටපු මහ ඇමැතිවරයා ඇතුළු චූදිතයන් පිරිස රාන්චි නුවර මුන්ඩා බන්ධනාගාරයට ගෙන යනලද බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.
ලල්ලූ ප‍්‍රසාද් යාදේව් ඉන්දියාවේ ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂයට සහාය පළ කරන රාශ්තී‍්‍රය ජනතා දාල් පක්ෂයේ නායකයා ද වෙයි. ඔහු එම පක්ෂය පිහිටුවූයේ 1997 දීය.
වයස අවුරුදු 29 දී පාර්ලිමේන්තු සභිකයකු ලෙස ඉන්දීය දේශපාලන කරළියේ නමක් දිනා ගත් ලල්ලූ ප‍්‍රසාද් යාදේව්, බිහාර මහ ඇමැති ධුරය හෙබවූයේ 1990 සිට 1997 දක්වා කාලයේය. 2004 වසරේ සිට 2009 තෙක් කාලයේ ඔහු ඉන්දියාවේ දුම්රිය කටයුතු ඇමැති ලෙස කටයුතු කළේය.
COMMENTS
එහෙත් මිනීමරුවන්ට මන්ත්‍රී ඇමතිකම් ලැබෙනවා.එහෙ නුගත්කම අධික නිසා අපිට වැඩිය අන්තිමයි (නි)
මේවා අපට හොද පාඩම් .... මගේ පුතේ නුඹ නාඩන් // (නි)
ලංකාෙවි දුෂිත මැති අැමතිවරුන්ටත් මෙවැනි දඩුවම් ලැබේවායි දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා. (නි)
අර අපේ අහවල් අක්කාවත් ඔය වගේ ඇතුලට දාන්න පුලුවන් නම් මරේ මරු තමා (නි)
ලංකාවේ අභ්‍යන්තර දේවල් වලටත් අත දමන අමන ඉන්දියන්කාරයෝ අපට හිරේ ගියත් එකයි නිරේ ගියත් එකයි. (නි)
හරිම සන්තෝෂයි. ලංකාවේ වගේමයි. ඔක්කොම හිටපු අය. නඩුව අහලා ඉවරකරන්නේ අවුරුදු 23 කට පස්සේ. ලංකාවේ වගේමයි. (නි)
ලංකාවේ ඔහොම දූෂණ කරන දේශපාලකයෝ නැති නිසා අපි වාසනාවන්තයි (නි)
චිකේයියා, වැරදි කරපු ඇමතිවරු දෙන්නද මුළු ඉන්දියාවේම ඉන්නේ? ඒකට අපේ ධර්මද්වීපය... දෙතුන් දෙනෙක් විතරක් බේරිලා ඉතුරු ඔක්කොම හිරේ අරින්න වෙයි,අපේ ඇමැතියන්ගේ වැරදි හොයන්න ගියොත් ජනතාව ඇවිස්සෙයි. (නි)
ලංකාවේ නම් ලොක්කෝ හිරේ ගියත් ගෙදර හිටියා වගේ. ඉන්දියාවේත් එහෙමද? (නි)
ඒකට අපේ අය සහයෝගෙන් තමා වැඩේ දෙන්නෙ... (ස)
ලංකාවේ කවදාවත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. ආණ්ඩු වෙනස් උනත් හොර මැර කම් කල අය දෙගොල්ලම ආරක්ෂා කරනවා. සහයෝගයෙන් රට කනවා(අ).
පිටිගල හරි,සහයෝගයෙන් රට කැම,මොකද එපැත්තෙන් මෙපැත්තට පනින දේශ පාලනය තිබෙන නිසා.(නදී)