ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහිව පැවැති විරෝධතාවක් අතරවාරයේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුමකින් දෙදෙනකු මරුමුවට පත්ව ඇතැයි වාර්තා වේ.
දකුණු දිග ඉන්දියාවේ මැන්ගලෝර්හි පැවැති විරෝධතාවක් අතරතුරදී දෙපාර්ශවය මෙලෙස ගැටී ඇතැයි නිලධාරියෙක් ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.
එම පුද්ගලයන් දෙදෙනාගේ මරණයට හේතුව කුමක්ද මෙතෙක් අනාවරණය වී නැතැයි ද එම නිලධාරියා කීවේය.
විරෝධතාකරුවන් 200ට වැඩි පිරිසක් ඔවුන්ගේ පාගමන නැවැත්වීමට පියවර නොගැනීම නිසා පොලිසිය වෙඩි තැබුවේ යැයි ඊට මැන්ගලෝර් පොලිස් කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ ප්‍රකාශකයෙක් කීය.
ඒ.එෆ්.පී.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd