IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ තුනෙන් දෙකකට කොවිඩ්

ඉන්දියාවේ ජනගහනයෙන් තුනෙන් දෙකකට ආසන්න පිරිසක් නව කොරෝනා වයිරසයට නිරාවරණය වී ඇතැයි පෞද්ගලික රසායනාගාර ජාලයක් අනාවරණය කර තිබේ.

ඉන්දියාවේ පෞද්ගලික රසායනාගාර ජාලයක් වන ‘තයිරෝකෙයා’ රසායනාගාර ජාලය මේ බව වාර්තා කර ඇත.

මෙම අධ්‍යයනයට සම්බන්ධ කරගත් පුද්ගලයන්ගේ ශරීරවල ඉකුත් සතියක කාලයේ දී පැවැති ප්‍රතිදේහවල සාමාන්‍ය අගය සියයට 63.5ක් බව එයින් අනාවරණය වී තිබේ.

මීට මාසයකට පෙර එම අගය සියයට 45ක අගයක තිබී ඇත. ඒ අනුව ඉන්දීය ජනගහයෙන් සැලකිය යුතු පිරිසක් නව කොරෝනා වයිරස නිරාවරණය වී ඇති බවත් ඉන්පසුව ඔවුන්ගේ ශරීරවල ප්‍රතිදේහ නිර්මාණය වී ඇති බවත් මෙමඟින් පෙනී යන බව විශේෂඥයෝ සඳහන් කරති.

පසුගිය දින කිහිපයේදී ඉන්දියාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අඩු වුව ද දෛනිකව වාර්තා වන මරණ ගණන අඩු නොවීය. දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන පසුගිය දිනවල අඩු වුව ද වයිරසයේ උච්ඡතම අවධියට පැමිණ ඇති බව තහවුරු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බව සෞඛ්‍ය විශේෂඥයෝ ප්‍රකාශ කරති.

දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන සහ මරණ ගණන මීට වඩා බෙහෙවින් වැඩි යැයි බොහෝ පාර්ශව පෙන්වාදෙන අතර දැන් වාර්තා වන වයිරස ආසාදිතයන් සහ මරණ, දැනට වාර්තා වන ගණනට වඩා දස ගුණයකින් වැඩි යැයි ද ඇතැම් විශේෂඥයෝ පෙන්වාදෙති.

ඉන්දියාවෙන් මුල් වරට හඳුනාගත් නව කොරෝනා වයිරසයේ අලුත් විකෘති ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිර යන බවත් එය පාලනයෙන් තොර බවත් මේ නිසා බොහෝ ආසාදිතයන් වාර්තා නොවන බව ඉන්දීය සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට විශේෂයෙන්ම හේතු වී ඇත්තේ ප්‍රමාණවත් පරිදි ආසාදිතයන් හඳුනාගැනීමේ පරීක්ෂණ සිදු නොවීම යැයි ද වාර්තා වේ.

විශේෂයෙන්ම රට තුළට වන්නට, ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රමාණවත් පරිදි පරීක්ෂණ සිදු නොවන බව වාර්තා වේ.

ප්‍රාන්ත 25ක කලින් වයිරසය ආසාදනය වූ, එන්නත් ලබාගත් සහ වයිරසය ආසාදනය නොවූ පුද්ගලයන් යොදාගනිමින් මෙම අධ්‍යයනය සිදු කළ බවත් තයිරෝකෙයා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආරෝකියස්වාමි වේළුමනී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

(රොයිටර්)



අදහස් (0)

ඉන්දියාවේ තුනෙන් දෙකකට කොවිඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 115 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site