ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාර්කල් අද (1) නව දිල්ලියේ දී උපාය මාර්ගික සහයෝගිතාව පුළුල් කරගැනීම සඳහා ගිවිසුමක් අත්සන් කර ඇත.
එහිදී ද්වීපාර්ශ්වික වෙළඳාම ඉහළ නැංවිය හැකි ක්‍රම පිළිබඳව ද අදහස් හුවමාරු කරගත් බව වාර්තා වේ.
පසුගිය බ්‍රහස්පතින්දා තෙදින සංචාරයක් සඳහා මාර්කෙල් මහත්මිය ඉන්දියාවට පැමිණි අතර ඇය සමඟ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනකු හා ව්‍යාපාරික දූත පිරිසක් ද පැමිණ තිබේ.
ජර්මන් චාන්සලර්වරිය ඉන්දියාවේ ඉහළ පෙළේ ව්‍යාපාරික හා කර්මාන්ත ප්‍රධානීන් කිහිප දෙනකු මුණ ගැසීමට ද නියමිතය.
යුරෝපීය රටවල් අතරින් ජර්මනිය ඉන්දියාවේ ප්‍රධනතම වෙළඳ හවුල්කරු වන අතර ජර්මන් සමාගම් 1700කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවේ ක්‍රියාත්මක වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
මළා, අායෙත් ඉතින් වොක්ස්වැගන් ෆැක්ටරි මෙහෙගහලා ඉවරයි. අපරාදේ කපපු පොල්ගස් ටික තිබුණා නම් තිබහට කුරුම්බයක්වත් බොන්න තිබුණා.