IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවෙන් අතුරුදන්වූ දරුවා බංගලාදේශයෙන් හමුවෙයි

මිට වසර හයකට පෙර අතුරුදහන් වූ ඉන්දියා  දරුවෙකු බංගලාදේශයෙන් සොයාගෙන ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.

එම දරුවා දිල්ලියේදී අතුරුදන් වී තිබෙන අතර ඉන්පසු ඔහු බංගලාදේශයේ වහල් සේවයේ යෙදවීමට රැගෙන ගොස් තිබේ. දිල්ලියේ සිට දරුවා පැහැරගෙන ගිය බවට සැක කෙරෙන කාන්තාවන් දෙදෙනකුට විරුද්ධව බංගලාදේශයේ පරීක්ෂණයක් පැවැත්වෙයි.

සෝනු නම් වූ එම දරුවා බංගලාදේශයේදී හමුවී තිබෙන්නේ ජමාල් මුසා නම් බංගලදේශ පුද්ගලයෙකුට වන අතර එම දරුවා ජමාල්ගේ අසල්වැසි නිවසේ මෙහෙකාර සේවයේ යොදවා තිබේ.

දරුවාට නිවැසියන් විසින් පනවන ලද අසීමිත හිරිහැර දුටු ජමාල් පොලිසියට දැනුම් දුන්නද පොලිසිය ඒ පිළිබද වැඩි අවධානයක් යොමු කර නැත. එනිසා ඔහු සැලසුම් සහගත ලෙස දෙසැම්බරයේදී එම දරුවාව   නිවසින් මුදවාගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

අධිකරණයේදී තීන්දු වූ පරිදි සෝනු ළමා නිවාසයකට යොමු කෙරිණි. නමුත් දරුවා ගේ ඉල්ලීමකට සහ දුන් තොරතුරකට අනුව ජමාල් ඉන්දියාවේ දිල්ලි නුවරට පැමිණ දරුවාගේ දෙමාපියන් සොයා ඔවුන් බංගලාදේශයේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන අතර එහිදී කෙරුණු ඩි.එන්.ඒ පරීක්ෂණයකට අනුව දරුවාගේ හිමිකම එම දෙමාපියන් වෙත ලබා දී නැවත ඉන්දියාවට යාමට අධිකරණය විසින් අවසර ලබා දී තිබේ.



අදහස් (0)

ඉන්දියාවෙන් අතුරුදන්වූ දරුවා බංගලාදේශයෙන් හමුවෙයි

හෂාන් Friday, 01 July 2016 03:51 AM

ඉතාම හොඳ වැඩක් (නි)

:       0       0

සරත් Saturday, 02 July 2016 11:09 AM

මේ කළ වැඩේ මහඟු පින්කමක් (නි)

:       0       0

හේමන්ත Friday, 01 July 2016 07:03 AM

බෝධිසත්ත්ව ගුනොපෙත මනුස්සයෙක්. මොන තරම් වටිනා පිනක් ද කරගෙන තියෙන්නේ. ඔය කියන පොලිසියේ ලොක්කන් සොයල වහා දඬුවම් දිය යුතුය. අසරණ ළමයකුගේ දුක බැලුවේ නැති අමනුස්සයෝ. (ම)

:       0       0

ඉන්දු Friday, 01 July 2016 08:45 AM

ජමාල් ඔබ දෙවි කෙනෙකි... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site