IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉතාලි ජාතික කතකගෙන් සිංහල ටෙලි නාට්‍යයක්

ෆුල්වියා එතලේසෙ ඉතාලි ජාතික කාන්තාවකි. ඇය මාධ්‍යවේදීනියක්, ගුරුවරියක් මෙන්ම සිනමා අධ්‍යක්ෂකවරියකි. වසර ගණනාවක් පුරා සිනමාකරණය පිළිබඳව අධ්‍යයනයකළ ඈ ඉතාලි නිර්මාණවලට අමතරව ශ්‍රී ලාංකිකයන් සමඟද එකතුව ටෙලි නිර්මාණයන් කිරීමට අදහස් කළාය. ඇගේ එම ප‍්‍රයත්නය මල්පල දරමින් ‘‘මට ඒ විතරක් මදි” ටෙලි නා්‍යය ළඟදීම තිරගත වීමට නියමිතය. ‘‘මට ඒ විතරක් මදි’’ කථාවේ තේමාව වී ඇත්තේ මත්පැන් නිසා බිඳී යන පවුල් ජීවිතවල පිරිමියකුගෙන් කාන්තාවක් බලාපොරොත්තු වන ආදරය, ගරු කිරීම නොලැබී යාමේදී උද්ගත වන ප‍්‍රශ්න සහ හොඳ පියෙකුගේ වගකීම ගිලිහීමේදී පවුල තුල ජීවත්වන  දරුවන්ගේ මානසික තත්ත්වය පිරිහීම නිසා වැඩිවන හිංසනය පිළිබඳවය. මෙම ටෙලි නාට්‍යය සඳහා දායක වී ඇත්තේ ඉතාලියේ සේවයේ නියුතු රඟපෑම සම්බන්ධව කිසිදු හැකියාවන් නැති පිරිසත් වුවත් ඔවුන්ගේ රඟපෑම් ඉතාමත් උසස්ය. ෆුල්වියා එතලේසෙ විසින් ඉතාලි බසින් රචිත තිර පිටපත් සිංහලට පරිවර්ථනය කරන ලද්දේ සහාය අධ්‍යක්ෂ මනෝජ් ලියනගේය. ඉදිරියේදී ඇය විසින් රචිත සත්‍ය කථාවක් ඇසුරින්  The moon has two Faces  නමින් තවත් ටෙලිනා්‍යයක් ඉතාලි ජාතීන් සහ ශ්‍රී ලාංකිකයන් එක්ව කිරීමට නියමිතය.  



අදහස් (0)

ඉතාලි ජාතික කතකගෙන් සිංහල ටෙලි නාට්‍යයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site