IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘ඉක්මනින් සටන් විරාමයක් ප්‍රකාශ කරන්න’

නගර්නෝ කරබාක් ප්‍රදේශය මුල් කරගනිමින් ඇති වී තිබෙන ගැටුම් නවතා ඉතා ඉක්මනින් සටන් විරාමයක් ප්‍රකාශ කරන්නැයි රුසියාව, ඇමෙරිකා ජනපදය සහ ප්‍රංශය යන රටවල ජනාධිපතිවරු  ආර්මේනියාවට සහ අසර්බයිජානයට අවධාරණය කළහ.
 
සටන් විරාමයක් ඇති කරගෙන හැකි ඉක්මනින් සාකච්ඡා පවත්වන්නැයි එම ජනාධිපතිවරු ආර්මේනියාවට සහ අසර්බයිජානයට දැන්වූහ.
 
‘‘දෙරටේ හමුදා අතර තිබෙන ගැටුම් නවතා ඉක්මනින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්න’’ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්,  රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඇමෙරිකා එක්සත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළහ.
 
එම රටවල ජනාධිපතිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඒ බව දැනුම් දී තිබූ අතර එලීසේ මාලිගය එම නිවේදනය නිකුත් කර තිබිණි.
 
‘‘ප්‍රමාද නොකර ඉතා ඉක්මනින් සාකච්ඡා ආරම්භ කරන්නැයි අපි ආර්මේනියානු සහ අසර්බයිජාන නායකයන්ට අවධාරණය කරනවා’’ යැයි එම ජනාධිපතිවරුන් නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
 
ආර්මේනියාව සහ අසර්බයිජානය අතර තිබෙන අර්බුදයට විසඳුම් සෙවීම සඳහා එම රටවල් 1990 වසරේ සිට එක්ව කටයුතු කරයි. යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාව සඳහා වන සංවිධානයේ මින්ස්ක්’ කණ්ඩායමේ සම සභාපතීත්වය හොබවන්නේ ද මෙම රටවල් ත්‍රිත්වයයි.
 
‘මින්ස්ක්’ කණ්ඩායම පිහිටුවනු ලද්දේ ද ආර්මේනියාව සහ අසර්බයිජානය අතර අර්බුදය සාමකාමී අයුරින් විසඳීමත් දෙරට අතර සාකච්ඡා පැවැත්වීමත් යන අරමුණු ඇතිවය.
 
 
ඒ.එෆ්.පී
055



අදහස් (0)

‘ඉක්මනින් සටන් විරාමයක් ප්‍රකාශ කරන්න’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 477 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site