ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ ඊයේ (2) සිදුවුණු වෙඩි හුවමාරුවකදී ඇෆ්ගන් සෙබළකු ජීවිතක්ෂයට පත් වූ අතර පාකිස්තාන සෙබළු දෙදෙනෙක් තුවාල ලැබූහ.
මෑත කාලයේ පාකිස්තානයත් ඇෆ්ගනිස්තානයත් අතර දේශසීමා ගැටුමක් ආරම්භ වූ පළමු අවස්ථාව මෙය යැයි සැළකෙයි. ඇෆ්ගන් හමුදාව පවසන්නේ පාකිස්තාන සෙබළුන් අනවසරයෙන් තම දේශසීමාවට පැමිණි නිසා වෙඩි තැබූ බවය.
දෙපිරිස අතර පැවැති වෙඩි හුවමාරුව පැය දෙකක් තිස්සේ පැවැති බව වාර්තා වේ. හටගත් අර්බුදය දුරදිග නොයවා හැකි ඉක්මනින් විසඳා ගන්නා බව දෙරටේ හමුදා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාව අධෝ මුඛයෙනුත් හිනාවේවී. (නි)
නියමයි.... හොද දෙයක්. (නි)
''ගමේ කපුටෝ කපුටෝ කොටා ගන්නවා".(ස)