IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඇෆ්ගන් තලේබාන් නායකයෙක් මරා දැමේ

ඇෆ්ගනිස්තානයේ බල්කා ප‍්‍රාන්තයේ සැඟවී සිටි තලේබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක සා ගූල් ඝාතනය කිරීමට ඇමෙරිකන් සහ ඇෆ්ගන් හමුදා සෙබළු ඊයේ (17) සමත් වූහ.
 තවත් තලේබාන් නායකයකු අත්අඩංගුවට ගැනීමට ද ආරක්ෂක අංශවලට හැකිවිය.
බුද්ධි අංශ තොරතුරුවලට අනුව ඇෆ්ගන් සහ ඇමෙරිකන් හමුදා සෙබළුන් සා ගූල් සැඟවී සිටි තිප්පොල සොයා වටළද්දී, සා ගූල් සහ ඔහුගේ ආරක්ෂාවට සිටි තලේබාන් සටන්කාමීන් ආරක්ෂක අංශ වෙත වෙඩි තබා ඇත.
එම අවස්ථාවේදී ආරක්ෂක පෙරළා පහර දුන් බවත් සා ගූල් සහ ඔහුගේ ආරක්ෂාවට සිටි තලේබාන් සටන්කාමීන් සිව් දෙනකු මරා දැමුණු බවත් පැවැසෙයි. සෙසු සටන්කාමීන් ආරක්ෂක අංශවලට යටත් වූ බවද වාර්තාවේ.  ඇමෙරිකා සහ ඇෆ්ගන් ආරක්ෂක අංශ එම ඒකාබද්ධ මෙහෙයුම සිදු කළේ පෙරේදා (16) උදේ විදෙස් හමුදා රථ පෙළකට කාබුල් නුවරදී  මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වීමත් සමඟය.
එම ප‍්‍රහාරයෙන් ඇමෙරිකන් සෙබළු හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඇෆ්ගන් සෙබළුන් 10 දෙනකු සහ සිවිල් වැසියෝ 14 දෙනෙක් තුවාල ලැබූහ. තවත් සිවිල් වැසියෝ 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
එය තලේබාන් බෝම්බ ප‍්‍රහාරයක් බවත්, බෝම්බකරු ටොයෝටා කොරෝලා වර්ගයේ මෝටර් රථයකින් පැමිණ, විදෙස් හමුදා රථ පෙළ හරස් කොට සිය බෝම්බය පුපුරුවා ගෙන ඇති බවත් වාර්තා විය.
ප‍්‍රහාරයෙන් අසල පිහිටි නිවාස 10 කට ද හානි සිදුවී ඇත. ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසන්නේ එය අධිබලැති බෝම්බ ප‍්‍රහාරයක් කියාය.



අදහස් (0)

ඇෆ්ගන් තලේබාන් නායකයෙක් මරා දැමේ

මා.උපරතන හිමි -ස්වීඩන් Saturday, 18 May 2013 12:09 PM

මානව හිමිකම් වලට එකඟ ඝාතනයක් වෙන්න ඇති. (නි)

:       0       0

ජනක Sunday, 19 May 2013 08:27 AM

අන්න හරි.... ජපානේ හොද රටක් නම් හිට්ලර්ට හේත්තු වෙලා ඇමරිකාවටත් ගහලා ලංකාව වගේ රටවලට බෝම්බ දාලා ඕස්ට්‍රේලියාවේ ඉන්දුනීසියාවේ දහස්ගානක් මරා දමයිද? දැන් කෙදිරිගානවා පරමාණු ගැහුවා කියලා... (නි)

:       0       0

මුරුගන් Saturday, 18 May 2013 06:44 AM

පරමාණුවක් ගහල දාන්න. (නි)

:       0       0

මහේෂ් Saturday, 18 May 2013 04:00 PM

මුරුගන් කියලා තිබුනා වගේ ජපානෙට දාපු බෝම්බ කැල්ලක් හරි ගහලා දාලා දඩුවම්ක දුන්නට පව් නෑ (නි)

:       0       0

රොක්සි Sunday, 19 May 2013 09:43 AM

උපරත්න හිමියනි, මම දකින විදියට ඇමරිකාව සහ එංගලන්ත හමුදා තලෙයිබාන් පණපිටින් අල්ලගෙන ඉන්න සටන්කරුවන්ට හා තුවාල වූ සටන්කරුවන්ට සලකන විදයට අපේ රටේ සළකයිද? (නි)

:       0       0

රිටා Sunday, 19 May 2013 11:36 AM

මානව හිමිකන් වලට පාලකයෝ අකමැති වුණාට අපේ රටේ නීතිය පොඩි මිනිසුන්ට නිතිය ක්‍රියාත්මක නොවන තැන යන්න තියෙන්නේ එතෙන්ට.කැමති ඕනෑම කෙනෙක්ට ඔය සුරියකන්ද,චෙම්මිනි,බටලන්ද වගේ දේවලට සටන් කරන්න පුළුවන්.අවාසනාවකට මිනිස්සු දන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 762 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 572 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site