IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


ඇෆ්ගන් ජනපති ඝාතනයට අල්-කයිඩාව දැරූ තැත වරදී

ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි මරා දැමීමට අල් කයිඩා සටන්කාමීන් දැරූ උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ඇෆ්ගන් ආරක්ෂක අංශ සමත් විය. ඇෆ්ගන් බුද්ධි අංශ පවසන්නේ එම ඝාතන සැලැස්මට සම්බන්ධ ජනපති කර්සායිගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවය. අත්අඩංගුවට ගත් පිරිස අතර කාබුල් වෛද්‍ය සරසවියේ කථිකාචාර්යවරුන් දෙදෙනකු සහ සිසුන් දෙදෙනකු ද සිටින බව බුද්ධි අංශ පවසයි. එම පිරිස ළඟ තිබී පුපුරණ ද්‍රව්‍ය සවිකළ ඇඳුම් කට්ටල ද හමුවී ඇතැයි වාර්තා වේ. එම පිරිසට නායකත්වය දී ඇත්තේ සයාද් අකා නැමැත්තෙකි. ඔහු ආගමික ගුරුවරයෙකි. එම පිරිස ජනාධිපති කර්සායිගේ සමීපතම ආරක්ෂක නිලධාරියකු සමඟ මිතුරු වී ඇත. සයාද් අකා, ඊජිප්තුවේ, බංග්ලාදේශයේ සහ මෙන්ම උතුරු වසිරිස්තාන පළාතේ ද සම්බන්ධකම් ඇති තැනැත්තෙකි. මොවුන් අසල්වැසි පාකිස්තානයට අයත් උතුරු වසිරිස්තානයේ අල් කයිඩා සටන්කාමීන්ගෙන් බෝම්බ ඇටවීම් සහ අවි ආයුධ පිළිබඳ පුහුණුවක් ලබා ඇති බව ද ඇෆ්ගන් ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටියි. උතුරු වසිරිස්තානය අල් කයිඩා සටන්කාමීන්ගේ රජ දහනක් යැයි ඇමෙරිකන් හමුදා පවසයි. ඇෆ්ගන් ආරක්ෂක අංශ, බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු අනුව යමින් එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට දින කිහිපයකට පෙරය. එම අවස්ථාවේදී ද ඔවුන් ඇෆ්ගන් ජනාධිපති කර්සායි ඝාතනය කිරීමට පුහුණු වෙමින් සිටි බව ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමත්‍යංශයේ ප‍්‍රකාශක සිදික් සිදීකී පවසයි. ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම ඇෆ්ගන් රජයේ සාම නියෝජිතවරයකු ද වූ බුහනුදීන් රබානී ඝාතනය පසුපස සිටින්නේ ද එම පිරිස යැයි ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටියි. එපමණක් නොව මීට මාස කිහිපයකට පෙර ඇෆ්ගන් ජනාධිපති කර්සායිගේ සොහොයුරා ඝාතනය කිරීමට හවුල් වී ඇත්තේ ද ඔවුන්ය. කර්සායිගේ සොහොහුරා මෙන්ම රබානි ද ඝාතනය කෙරුණේ ඔවුන්ට සමීපවසිටි ආරක්ෂක නිලධාරීන් අතිනි. එම නිලධාරීන් මිතුරු වෙසින් පැමිණි සටන්කාමීන් බව පසුව හෙළි විය. ඇෆ්ගන් බුද්ධි අංශ පෙන්වා දෙන්නේ අත්අඩංගුවේ පසුවන එම පිරිස පාකිස්තානයේ කි‍්‍රයාත්මක යැයි පැවැසෙන ‘හකානී’ සටන්කාමීන් සමඟද සම්බන්ධකම් පවත්වන බවය. ඇමෙරිකාව පමණක් නොව ඇෆ්ගන් බුද්ධි අංශ පවා පාකිස්තාන රජයට දොස් පවරා ඇත්තේ හකානී සටන්කාමීන්ට සහාය දෙන බවටය. එහෙත් එම චෝදනා පාකිස්තාන රජය තරයේ ප‍්‍රතික්ෂේප කරයි. මේ අතර ඉන්දියාවේ සංචාරයක යෙදෙන ඇෆ්ගන් ජනාධිපති  පෙරේදා (5) ඉන්දීය රජය සමඟ එක්වී ආරක්ෂක ගිවිසුමකට අස්සන් තැබුවේය. එම ගිවිසුම යටතේ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑම ආරම්භ කර ඇති හෙයින් ඇෆ්ගන් ආරක්ෂක අංශවලට පුහුණුව ලබා දීමට ද ඉන්දීය රජය කැමැත්ත පළ කර තිබේ.



අදහස් (0)

ඇෆ්ගන් ජනපති ඝාතනයට අල්-කයිඩාව දැරූ තැත වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 127 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 209 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1070 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site