කටාර් රාජ්‍යයේ පිහිටුවා ඇති ඇෆ්ගන් තලේබාන් සංවිධානයේ සාම කාර්යාලය හැඳින්වීමට ‘ඇෆ්ගන් එමීර් රාජ්‍යය’ යන නම භාවිතා කිරීම සඳහා තලේබාන් සංවිධානයට ඇමෙරිකාවේ අනුමැතිය ලැබීම ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායිගේ දැඩි විරෝධයට හේතු වී ඇත.
විරෝධය පාමින්, ඇමෙරිකාව සමඟ පවත්වන ආරක්ෂක සාකච්ඡුා වහා නවතා දැමීමට ද ඇෆ්ගන් ජනපති පෙරේදා (19) තීරණය කළේය.
‘ඇෆ්ගන් එමීර් රාජ්‍යය’ යනු 2001 වසරට, පෙර තලේබාන් පාලනය පවතිද්දී, ඇෆ්ගනිස්තානය හැඳින්වුණ නම විය.
1996 වසරේ සිට 2001 වසර තෙක් පැවැති එම තලේබාන් පාලනය පෙරළා දැමුණේ ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළ අවස්ථාවේදීය.
විදෙස් හමුදා ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කළේ, 2001 සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් පසු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්, ඇෆ්ගනිස්තානයේ සැඟවීමත්, තලේබාන් සංවිධානය ඔහුට සහාය දීමත් මුල්කොට ගනිමිනි.
මේ වනවිට සාම සාකච්ඡුාවලට එන්නැයි තමන් කළ ඇරැුයුම ඇෆ්ගන් තලේබාන් සටන්කාමීන් විසින් පිළිගෙන ඇතැයි ඇමෙරිකාව පවසා ඇත.
සාම සාකච්ඡුා පවත්වමින් පවතින අර්බුදයට දේශපාලනික විසඳුමක් සෙවීමට ඇමෙරිකා රජය කළ ආරාධනාව තමන් ද පිළිගත් බව කටාර් රාජ්‍යයේ දෝහාහි පිහිටුවා ඇති තලේබාන් සාම කාර්යාලය ද නිවේදනය කර තිබේ.
වසර 12 ක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින ඇෆ්ගන් යුද්ධය 2014 වසරේ දී නිමා කිරීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝව සූදානම් වන අතර, තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡුා පැවැත්වීමට සූදානම් වන්නේ එහෙයිනි. 2014 දී විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යන්නේ රටේ ආරක්ෂක කටයුතු ඇෆ්ගන් ආරක්ෂක අංශවලට පවරා දෙමිනි.
ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායි ප‍්‍රමුඛ රජය ඇමෙරිකාවට කියා ඇත්තේ, තලේබාන් සාම කාර්යාලය හැඳින්වීමට ‘ඇෆ්ගන් එමීර් රාජ්‍යය’ යොදා ගැනීම ගැන තමන් විරුද්ධ බවත් එම නම වහා ඉවත් කරන්නැයි තලේබාන්වරුන්ට බල කරන ලෙසත්ය.
වසර 12 ක් තිස්සේ පවතින අවි ගැටුම් නිමා කිරීමේ අරමුණින් සාම සාකච්ඡුා පැවැත්වීමට මුලින්ම උනන්දු වූයේ ඇෆ්ගන් රජයයි.
ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි ඒ වෙනුවෙන් සාම මණ්ඩලයක් ද පිහිටුවීය.
අවස්ථා ගණනාවකදී තලේබාන් නියෝජිතයන් සහ ඇෆ්ගන් බලධාරීන් අතර සාකච්ඡුා පැවැත්වුවත්, ඒවා අසාර්ථක විය. ඇෆ්ගන් සාම මණ්ඩලයේ සාමාජිකයෝ ද තලේබාන් බෝම්බ ප‍්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූහ.
ඉකුත් වසරේ පාකිස්තාන අත්අඩංගුවේ සිටි ඇෆ්ගන් තලේබාන් සිරකරුවන් නිදහස් කිරීමට ඇෆ්ගන් රජය පාකිස්තාන රජය සමඟ එක් වී කටයුතු කළේය. ඒ අනුව ඇෆ්ගන් තලේබාන්වරු සාමයට පිවිසීමට උනන්දු වූහ.
2025 දෙසැම්බර් මස 04
653
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
538
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
444
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇෆ්ගන් ජනපති කර්සායිගෙන් ඇමෙරිකාවට විරෝධයක්