ඇෆ්ගනිස්ථානය තුළ පැතිර ඇති කුරිරු හා බිහිසුණු  ප්‍රහාර මාලාව හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පැවසුවේය.
 
උතුරු ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක මුර පොලවල්  ඉලක්ක කරගනිමින්  සිදුකරන මෙම තස්ත්‍ර ක්‍රියා යුක්තිය ඉදිරියට ගෙන ආ යුතු බව ඔවුහු පවසති.
 
මෙවැනි තස්ත්‍ර ප්‍රහාරයක් සදුදා රාත්‍රියේ එල්ල වූ  අතර  27 දෙනෙක් මිය ගොස් තවත් කිහිප දෙනෙක් තුවාල ලැබූ අතර ආරක්ෂක මණ්ඩලය මෙම බිහිසුණු  ප්‍රහාර හෙළා දැක ඇත. 
 
ප්‍රදේශයේ ආරක්ෂක හමුදාව ඉලක්ක කර ගනිමින් තලිබාන් සටන් කරුවන් විසින් මෙම ප්‍රහාර එල්ල කරනු ලබති.
 
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය  විපතට පත් වූවන්ට සහ ඇෆ්ගනිස්ථාන රජයට සිය  ශෝකය ප්‍රකාශ කර ඇති අතර තුවාල ලැබූවන්ට කඩිනම් ප්‍රතිකාර ලබා දීමට  මූලික වී ඇත. 
 
ඇෆ්ගනිස්තානය තුළ ඇති වූ මෙම අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් අප්‍රේල් 20 වැනිදා පැවැත්වීමට නියමිත ව තිබූ ජනාධිපතිවරණය මෙම වර්ෂයේ ජූලි මාසය දක්වා කල් තබා ඇත.

(63226)