IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇෆ්ගනිස්තානයේ සතුරන්ට එරෙහිව සටන් කරන්න එක්වෙන්න

ඇෆ්ගනිස්තානයේ සතුරන්ට එරෙහිව සටන් කරන්න රජය සමඟ එක් වෙන්නැයි එරට ජනපති හමීඞ් කර්සායි පෙරේදා (4) තලේබාන් සටන්කාමීන්ගෙන් ඉල්ලීමක් කළේය.
ඇෆ්ගනිස්තානයේ ‘සතුරන්’ යැයි ජනපති කර්සායි පැවැසුවේ පාකිස්තානයටය. පාකිස්තානයත් ඇෆ්ගනිස්තානයත් අතර දේශසීමා ගැටුමක් නිර්මාණය වී ඇත. එය දෙරටේ හිතවත්කම් පළුදු කිරීමට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.
එම දේශසීමා ගැටුම ඇති වූයේ ඉකුත් දෙවැනිදාය. ඒ, ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ වෙඩි හුවමාරුවකදී ඇෆ්ගන් සෙබළකු ජීවිතක්ෂයට පත් වූ අතර පාකිස්තාන සෙබළු දෙදෙනෙක් තුවාල ලැබූහ.
මෑත කාලයේ පාකිස්තානයත් ඇෆ්ගනිස්තානයත් අතර දේශසීමා ගැටුමක් ආරම්භ වූ පළමු අවස්ථාව මෙය යැයි සැළකෙයි. ඇෆ්ගන් හමුදාව පවසන්නේ පාකිස්තාන සෙබළුන් අනවසරයෙන් තම දේශසීමාවට පැමිණි නිසා වෙඩි තැබූ බවය. දෙපිරිස අතර පැවැති වෙඩි හුවමාරුව පැය දෙකක් තිස්සේ පැවැති බව වාර්තා විය.
හටගත් මෙම දේශසීමා අර්බුදයේදී තමන්ට සහාය දෙන්නැයි ඇෆ්ගන් ජනපති එරට කි‍්‍රයාත්මක තලේබාන් සටන්කාමීන්ගෙන් ඉල්ලා සිටීම ගැන තමන් පුදුමයට පත්වන බව ඇමෙරිකාව පවසා ඇත.
තලේබාන් සටන්කාමීන් සමඟ සාම කතා පැවැත්වීමට ඇෆ්ගන් ජනපති වසර කීපයක් තිස්සේ උත්සහ ගනී. ඒ වෙනුවෙන් සාම මණ්ඩලයක් ද පිහිටුවා ඇත. ඉකුත් සතියේ එම සාම මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨයෙක් ද තලේබාන් ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූයේය.

 

 



අදහස් (0)

ඇෆ්ගනිස්තානයේ සතුරන්ට එරෙහිව සටන් කරන්න එක්වෙන්න

නදී Monday, 06 May 2013 01:07 PM

මේ අය කොහේ ජීවත් වුණත් ප්‍රශ්න තමයි. (ස)

:       0       0

නිසාර් Monday, 06 May 2013 08:32 PM

අප්පා ඉතින් සිංහල දේශපාලුවන් නම් හරිම පින්වත්. පාර්ලිමේන්තුවේ බහුතරය කවුද කියලා දන්නවා ඇතිනේ. (නි)

:       0       0

සෙනරත් Monday, 06 May 2013 11:11 PM

හමීඩ් ඔහොම කිව්වට තලේබාන්ලා පාකිස්තාන්ලගේ ගජ මිතුරෝ. රටවල් දෙක සමගියෙන් නොසිටියොත් තලෙබාන්ලා මැදින් වෙනම රටක් හදාගනීවී (නි)

:       0       0

උදය Monday, 06 May 2013 02:59 PM

තලේබාන් කියන්නේ ඉස්සර ඇමෙරිකන් පැටියෙක්. දැන් ලංකාවේ අහවලා වගේ (නි)

:       0       0

දිසානායත Monday, 06 May 2013 10:36 AM

මෙයාලගේ තොප්පිය හැරෙන හැරෙන පැත්තට. ලැජ්ජා නැති කම මහා මුදලි කමටත් වැඩිය ලොකුයි නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 7 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site