IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගනිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් සොල්දාදුවන් තිදෙනකු මරුට

මුර සංචාරයේ යෙදී සිටි ආරක්ෂක අංශ මෝටර් රථ පෙළකට නැගෙනහිර ඇෆ්ගනිස්තානයේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් විදෙස් සොල්දාදුවන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ‘නේටෝ’ සංවිධානය අද (5) නිවේදනය කළේය.
 
ඇෆ්ගනිස්තාන හමුදා සමඟ මුර සංචාරවල යෙදී සිටි ‘නේටෝ’ හමුදා රථ පෙළකට මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබේ. 
 
ප්‍රහාරයෙන් ඇමෙරිකා එක්සත් ජනපද සොල්දාදුවකු සහ ඇෆ්ගනිස්තාන සොල්දාදුවන් දෙදෙනෙකු තුවාල ලැබූ බව නේටෝ සංවිධානය නිවේදනයන් නිකුත් කරමින් සඳහන් කළ ද මියගිය විදෙස් සොල්දාදුවන්ගේ රටවල් අනාවරණය නොකළේය.
 
නිවේදනයක් නිකුත් කරමින් තලේබාන් සංවිධානයේ ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබුණි. 
 
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ හමුදා 2014 වසරේ දී ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් අවසන් කළ අතර එරට සිටි හමුදා බොහෝමයක් නැවත කැඳවාගන්නා ලදි. එහෙත් පුහුණ සහ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් දියත් කිරීම සඳහා සොල්දාදුවන් 16,000ක් ආසන්න පිරිසක් තවමත් ඇෆ්ගනිස්තානයේ රැඳි සිටිති.  
 
ඒ.එෆ්.පී 
055



අදහස් (0)

ඇෆ්ගනිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් සොල්දාදුවන් තිදෙනකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site