කාශ්මීර ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රචණ්ඩකාරී පිළිවෙතක් අනුගමනය කළහොත් ඇෆ්ගන් සාම සාකච්ඡාවලට එම නිසා බලපෑමක් සිදුවනු ඇතැයි යනුවෙන් කරන ප්‍රකාශයක් නිසා ඇෆ්ගනිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය අද (20) එරට සිටින පාකිස්තානය තානාපතිවරයා කැඳවා කරුණු විමසා ඇතැයි වාර්තා වේ.

මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය හමුදා රථ පෙළකට පසුගිය සතියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් ඉන්දීය සෙබළු 40කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. එම ප්‍රහාරයත් සමඟ පාකිස්තානය සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී තිබේ. 

පාකිස්තාන තානාපතිවරයාගේ ප්‍රකාශයට ඇෆ්ගනිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය සිය විරෝධය පළ කර තිබෙන අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීමක් ද කර ඇත. ඇෆ්ගනිස්තාන සාම ක්‍රමවලියට හෝ සාමය උදා කරගැනීමේ ක්‍රියාවලියට එම ප්‍රහාරය හෝ එම සිදුවීම්වලින් කිසිදු බාධාවක් නැතැයි ද ඇෆ්ගනිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර ඇත. 

රොයිටර් ඇසුරිනි

055