ඇස හා සම්බන්ධ සෛලයන්ගේ හා ස්නායු දුබලතා නිසා විවිධාකාරයේ දෘෂ්‍යාබාධයන්ගෙන් පීඩා විදින්නන් සුවපත් කිරීමේ සමත් එන්නතක් නිපදවීමට බි‍්‍රතාන්‍යය පර්යේෂක පිරිසක් සමත්ව තිබේ.
මෙම එන්නතෙහි අඩංගු වන්නේ ඇසෙහි දෘෂ්ඨික සෛල පැවැත්මට හේතු වන සී.එච්.එම් නම් ජානයෙන් සාදන ලද සංයෝගයකි.එන්නත එන්තනත් කරනු ලබන්නේත් ඇසටම වේ.ඇස අභ්‍යන්තරයට ඇතුළු පසු මෙම සංයෝගය ඇසෙහි දෘෂ්ඨික සෛලයන් හට හානි සිදුවී ඇත්නම් ඒවා පිළිසකර කරන බව පර්යේෂකයෝ කියති. පෙනීම ලැබීමේ කි‍්‍රයාවලියේදී දෘෂ්ඨික සෛල වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.කාචයෙන් ලැබෙන ආලෝකයෙන් මැවෙන රූපය මොළය කරා ගෙන යනු ලබන්නේ මෙම සෛලයන්ගෙන් ජනනය වන ආවේගයන් මගිනි.මෙනිසා යම් යෙහෙකින් එම සෛලයන් හරිහැටි කි‍්‍රයානොකරන්නේ නම් පෙනීමද නැති වේ.
මෙම තත්ත්වය බොහෝ විට මහලූ පුද්ගලයින්ගේ දැකිය හැකි අතර ඇතැම් අවස්ථාවන්හි උත්පත්තියේ සිටම අන්ධ පුද්ගලයින්ගේත් අන්ධ භාවයට හේතු වන බවත් සොයාගෙන ඇත.
නිපදවා ඇති නව එන්නතින් දුබල දෘෂ්ඨික සෛලයන් ඇසේ පවතින්නේ නම් ඒවා යම් තරමකට හෝ කි‍්‍රයාකාරී කරවා පෙනීම ලබාදේ.
‘‘මේක ජාන ප‍්‍රතිකාර ක‍්‍රමයක් කියන්න තවමත් වේලාසන වැඩියි.නමුත් අපගේ පර්යේෂණ වලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබිලා තිබෙනවා.පෙනීම දුර්වල වෙලා තිබුණු පුද්ගලයින් කිහිප දෙනෙකුම මේ එන්නත් භාවිතා කරලා සුව කරන්නට අපි සමත් වුණා.තවත් පර්යේෂණ සිදුකිරීම අවශ්‍යයි.‘‘ යැයි පවසන්නේ පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රොබට් මැක්ලරන්ය.
වැඩිදුර පර්යේෂණයන් සාර්ථක වුවහොත් මෙම ප‍්‍රතිකාර ක‍්‍රමය සියළු දෙනාට එකසේ ලොව දැකිය හැකි නව යුගයක ආරම්භය සනිටුහන් කරනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සුභපැතුම් (දිල්)
අතුරු ආබාධ ඇති වෙයිද?(දිල්)
කොළඹ ඇස් වාට්ටුවෙත් ,දිවයිනේ සැම රෝහලකම ,දිනපතා සිටින රෝගීන් සංඛ්‍යාව අති මහත්ය. මෙවැනි ප්‍රති කර්ම ඌන සංවර්ධිත රට වලට විශේෂයක් කොට සහනදායි ක්‍රමවේදයකින් සේවයක් ලබාදීමට බ්‍රිතාන්‍යය කටයුතු කරන්නේ නම් මහඟු සේවයක්. (නදී)
ලංකාවෙ හුගක් කාන්තාවන් කන්නාඩ් දාන්නෙ.ලස්සනට. ඇස් පේන් නැතිකමට නෙමෙයි ඒ හින්දා මේක බලපාන් නෑ.(නදී)
පර්යේෂණ සාර්ථකවේවා ..(අ)
නව සොයා ගැනීම් කරන ඔබ සැම සදා අමරණීයයි. (නදී)
තව තවත් සාර්ථක ප්‍රථිපල අත්වී සාර්ථක ප්‍රතිකර්මයක්ම වේවා...!!! (අ)
උතුම් පුණ්‍ය කර්මයක්. පරීක්ෂණ තව තවත් සාර්ථකව අන්ධ අයට පෙනීම ලැබේවා. මගේ නිරතුරු ප්‍රාර්ථනාව එයයි.(නදී)
ඉතා වටිනා පුවතක්. සුබ පැතුම් ! (නදී)