ඇලබාමාහි ලී කවුන්ටි ප්‍රදේශයේ ඇතිවූ ටොනාඩෝවක් හේතුවෙන් 14 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
පොලිසිය පවසන්නේ මියගිය අය අතර දරුවන් කිහිපදෙනකු ද සිටින බවයි.
සුන්බුන් වලට යටවූ පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවද බරපතල තුවාල ලැබූ කිහිපදෙනකු රෝහල් ගතකර ඇති බවද බලධාරීහු පවසති.
අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවට කාළගුණික අංශ අනතුරු අඟවා ඇත. 4000ක පමණ පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බවද පැවසේ.
ලී කවුන්ටි ප්‍රදේශයේ සියලුම පාසැල් සඳුදා දිනයේ වසා තබන බවට නිවේදනය කර ඇති අතර රජයේ කාර්යාල බොහොමයක් ද පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තා වේ.
(බිබීසී ඇසුරිනි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd