යේමන හමුදාව සමඟ එක් වී ඇමෙරිකන් හමුදාව පෙරේදා (12) එල්ල කළ ඩ්‍රෝන යානා මිසයිල ප‍්‍රහාර දෙකකින් එරට අල් කයිඩා සටන්කාමීන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. යේමනයේ සිටින්නේ උතුරු අප‍්‍රිකා මහද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන්ය. ඔවුහු ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරමින් යේමන රජය සමඟ නිරන්තරයෙන් ගැටුම් ඇති කර ගනිති. ඔවුන්ට එරෙහි සටනේදී යේමන රජයට ඇමෙරිකා හමුදාවේ සහ සී.අයි.ඒ. බුද්ධි අංශයේ සහාය හිමිවෙයි. ඇමෙරිකා හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් පහර දුන්නේ දකුණුදිග යේමනයේ ෂබ්වා පළාතේ මරීබ්හි සැඟවී සිටි සටන්කාමීන් ඉලක්ක කර ගනිමිනි. එම ඩ්‍රෝන ප‍්‍රහාරය එල්ල වෙද්දී යේමන රජයේ හමුදා ද ෂබ්වා පළාතේ ස්ථාන කිහිපයකට පහර දුන් බවත් එයින් සටන්කාමීන් 15 දෙනකු පමණ ජීවිතක්ෂයට පත් ව ඇති බවත් රජය පවසයි.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසකජනතාව ඝාතනය කරමින් ඉන්න ඇමරිකාව ගැන මොනකථාද? අල් කයිඩා සාමාජිකයින් පැටවුගහනවා කියල ඇමරිකාව දන්නෑනේ.
උණ්ඩ වලින්ම පමණක් ත‍්‍රස්තවාදය නැති කරන්න බෑ