IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඇමෙරිකා සෙබළුන් පනස්දහසක් ඉරාකයෙන් ආපසු ගෙන්වා ගනී

වසර නවයක් තිස්සේ ඉරාකයේ හමුදා මෙහෙයුම්වල නියැළී සිටි 50,000 ක ඇමෙරිකන් හමුදා සෙබළු පිරිසක් මෙහෙයුම් අවසන් කොට පෙරේදා (14) ඇමෙරිකාවට පැමිණීමත් සමඟ ඉරාක සංග‍්‍රාමය නිල වශයෙන් අවසන් වූ බව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා ප‍්‍රකාශ කළේය. ජනාධිපති බැරැක් ඔබාමා මේ බව කියා සිටියේ ඇමෙරිකාවේ  උතුරු කැරොලිනාවේ බ්රැග් හමුදා කඳවුරේදී එම සෙබළුන් හමුවීමට ගිය අවස්ථාවේදීය. එය ඇමෙරිකා හමුදාවටත් ඇමෙරිකාවටත් සුවිශේෂී මෙන්ම ඓතිහාසික දිනයක් බවද ජනාධිපති ඔබාමා කියා සිටියේය. ඇමෙරිකා හමුදා, ඉරාකය ආක‍්‍රමණය කළේ ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ පාලන සමයේදීය. 2003 වසරේදී ඇමෙරිකාව ඉරාකය ආක‍්‍රමණය කළේ ඉරාක නායක සදාම් හුසේන් සතුව මානව සංහාරක අවි ඇති බවත් එම අවි මුළුමහත් ලෝකයාටම තර්ජනයක් බව පවසමිනි. බි‍්‍රතාන්‍යය සහ නේටෝ හමුදාව ද එම අවස්ථාවේදී ඇමෙරිකාවට සහාය පළ කළේය. බැග්ඩෑඞ් නුවර අල්ලාගෙන සදාම් හුසේන්ගේ පාලනය පෙරළා දැමීමට විදෙස් හමුදාවලට ගත වුණේ සති තුනක් වැනි කෙටි කාලයකි. ජීව සංහාරක අවි හමුනොවුණත්, සැඟවී සිටි සදාම් හුසේන් අල්ලා, වසර තුනකට පසු එල්ලා මරා දැමීමට ඇමෙරිකාව සමත් විය. ඉරාකය මුළුමනින්ම අස්ථාවර වූයේ ඉන්පසුවය. සිවිල් වැසියන් සහ ඇමෙරිකාව ප‍්‍රමුඛ ආරක්ෂක අංශ ඉලක්ක කර ගනිමින් අල් කයිඩා ප‍්‍රමුඛ සටන්කාමීහු දිගට හරහට බෝම්බ පුපුරුවන්න වූහ. මේ වනවිට ඇමෙරිකා සෙබළුන් 4,500 ක් සහ ඉරාක සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් දස දහස් ගණනකගේ ජීවිත අහිමි වී ඇත. ඉරාකයේ රැඳී සිටින ඇමෙරිකන් හමුදා ආපසු ගෙන්වා ගන්නා බව ඇමෙරිකන් ජනාධිපතිවරයා පැවැසුවේ 2008 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙමින් සිටියදීය. ජනපති ඔබාමා, ඔහුගේ එම ඡුන්ද පොරොන්දුව ඉටු කරන්න සැරසෙන්නේ යළිත් වරක්, එනම් 2012 දී ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් වන අවස්ථාවකදීය. ඇමෙරිකන් හමුදා ඉරාකයෙන් ගෙන්වා ගැනීමට ඔබාමා තීරණය කළේත්, ඉරාක සංග‍්‍රාමය අවසන් බව නිල වශයෙන් ප‍්‍රකාශ කළේත් එළැඹෙන මැතිවරණය ගැන සිතා යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. කෙසේ නමුත් ඉරාක ආරක්ෂක අංශවලට සහාය පළකිරීමක් වශයෙන් 5,500 ක ඇමෙරිකන් සෙබළු පිරිසක් පමණක් තවමත් ඉරාකයේ රැඳී සිටින බව වාර්තා වේ. හමුදා සෙබළුන් අමතන ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා



අදහස් (0)

ඇමෙරිකා සෙබළුන් පනස්දහසක් ඉරාකයෙන් ආපසු ගෙන්වා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site