IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇමෙරිකා ආරක්ෂක ලේකම් පැනෙටා ඉන්දියාවේ සංචාරයක

ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනෙටා ඊයේ (5) ඉන්දියාවට පැමිණියේය. ආරක්ෂක ලේකම්වරයා ඉතා උණුසුම් ලෙස පිළි ගැනීමට ඉන්දීය රජය කටයුතු යොදා තිබුණි. ඊයේ සවස් වරුවේ ඔහු ඉන්දීය අගමැති මන්මෝහන් සිං හමුවූයේය. එහිදී ආසියා කලාපයේ ආරක්ෂාව ගැන  සාකච්ඡා කෙරිණි. 2014 වසරේදී ඇෆ්ගන් සංග‍්‍රාමය නිමා කිරීමෙන් පසු ආසියා පැසිෆික් කලාපයේත් ආසියා රටවලත් තම බලය පතුරුවා ගැනීමට ඇමෙරිකාව සූදානව් වේ. එහිදී ඉන්දියාවේ සහාය ඇමෙරිකාවට අත්‍යාවශ්‍යය. මේ වනවිටත් ඉන්දියාව ද ඇමෙරිකාව සමඟ ආරක්ෂක ගනුදෙනු රැසකට අත්සන් තබා ඇත. ඉකුත් අපේ‍්‍රල් මාසයේදී ඇමෙරිකාවෙන් ප‍්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමේ ගිවිසුමකට ද ඉන්දීය රජය අත්සන් තැබීය. එම ගිවිසුමේ වටිනාකම  ඇමෙරිකන් ඩොලර් බිලියන 12 කි. නේටෝ හමුදා 2014 වසරේදී ඇෆ්ගන් සංග‍්‍රාම මෙහෙයුම් අවසන් කිරීමෙන් පසු ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානයේ සිටින ඉස්ලාමීය සටන්කාමීන් ඉන්දියාවට තර්ජනයක් වේවි යැයි ඉන්දීය රජය බිය පළ කරයි. එම නිසා ඇෆ්ගනිස්තානයේ කටයුතු සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ ඉතා සමීපව කටයුතු කිරීමට ද ඉන්දීය රජය කැමැත්ත පළ කර තිබේ. පැනෙටා ඉන්දියාවට පැමිණෙන්නේ සිය ආසියා සංචාරය අතරතුරේය. ඔහු එම සංචාරය ඇරැඹුවේ පසුගිය සෙනසුරාදා (2) සිංගප්පූරුවේ පැවැති ආසියා ආරක්ෂක සමුළුවට සහභාගී වෙමිනි. ඇමෙරිකා නාවික හමුදාවට අයත් යුද නැව්වලින් සියයට 60 ක් ආසියා පැසිෆික් සාගර කලාපයට එවීමට ඇමෙරිකා රජය තීරණය කර ඇතැයි එම සමුළුවේදී පැනේටා ප‍්‍රකාශ කළේය. ආරක්ෂක සමුළුව අවසන් වීමෙන් පසු ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා වියට්නාමයේ සංචාරයක ද නියැලූණේය.



අදහස් (0)

ඇමෙරිකා ආරක්ෂක ලේකම් පැනෙටා ඉන්දියාවේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site