IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඇමෙරිකාව හා රුසියාව අතර සීතල යුද්ධයක්?

ඇමෙරිකාවේ සිටින රුසියා නිලධාරීන් 35 දෙනකු පිටුවහල් කිරීමටත් ඇමෙරිකාවේ තිබෙන රුසියා බුද්ධි අංශ ඒජන්සි දෙකකට සම්බාධක පැනවීමටත් ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඇමෙරිකා ජනපතිවරණයේදී අනවසරයෙන් පරිගණක පද්ධතියකට ඇතුළු වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් මේ තීරණය ගත් බවද වාර්තා වෙයි.

මෙම තත්ත්වය ඇමෙරිකාව හා රුසියාව අතර සීතල යුද්ධයක් දක්වා වර්ධනය කරනු ඇතැයි විදෙස් මාධ්‍ය මත පළකරයි.

මේ අනවසර ඇතුළු වීම සම්බන්ධයෙන් ඇමෙරිකා බුද්ධි අංශ නිලධාරීන් රුසියා ජනපති වැල්ඩැමීර් පූටින් වෙත චෝදනා කළ අතර ඇමෙරිකා බුද්ධි අංශ පැවසුයේ ඔහු ඩිමොක්‍රටික් පක්ෂය වෙත හතුරුකම් කරන බවයි.මීට ප්‍රතිචාර දක්වමින් ඔබාමා පැවසුයේ මීට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

“අපි මේ තීරණය ගන්නේ  නිළ වශයෙනුත් පෞද්ගලිකවත් රුසියාවට අනතුරු ඇඟවීමෙන් පසුවයි.සියලුම ඇමෙරිකා වැසියන් රුසියාවේ ක්‍රියා ගැන අවධානයෙන් සිටිය යුතුයි.

පූටින්ගේ ක්‍රියා ප්‍රශංසා කළ ලබන මාසයේදී නව ජනාධිපති ලෙස පත්වීමට සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් මේ තීරණය අවලංගු කරනු ඇතැයි විචාරකයෝ මත පළ කරති.

ඇමෙරිකාවේ මෙම තීරණයට ප්‍රතිචාර දක්වමින් රුසියාවේ සිටින ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 35 දෙනෙකු පිටුවහල් කිරීමටත් රුසියාව තීරණය කර ඇතැයිද මෙම තීරණය රුසියා ජනපතිගේ අවධානයට යොමු කර ඇතැයිද රුසියා විදෙස් අමාත්‍ය සර්ගී ලව්රෝ පවසයි



අදහස් (0)

ඇමෙරිකාව හා රුසියාව අතර සීතල යුද්ධයක්?

නුවන් Friday, 30 December 2016 12:10 PM

තවමත් පරාජය පිළිගන්න බැරි පිරිසක් ඇමෙරිකාවේ ඉන්න බව පේනවා. නම්බුකාර විදියට ගෙදර යන්න. (නි)

:       0       0

නාමල් Saturday, 31 December 2016 11:46 PM

යන යකා කොරහත් බිඳගෙන යනවා කියන්නේ මේවට තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site