ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර, බ්‍රොන්ක්ස්හි පිහිටි සත්වෝද්‍යානයේ සිංහයන් සිටින කුටියට ඇතුළු වී සිංහයකු ඉදිරියේ නර්ථනයක යෙදුණු කාන්තාවක් නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, 30 හැවිරිදි වියේ පසුවන මියාහ් ඔට්‍රී නම් කාන්තාවකි.
ඉකුත් සැප්තැම්බර් මාසයේදී ඇය නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තුවේ කමිසයක් ඇඳ, සිංහයන් සිටින කුටියට ඇතුළු වී, සිංහයකු ඉදිරියේ විහිලු සහගත නර්ථනයක යෙදුණු අතර, ඇය එහි යාමට පෙර ඉන්ට්‍රගෑම්හි තමා සිදුකිරීමට නියමිත කටයුත්ත ගැනද සටහනක් දක්වා තිබිණි.
ඇය සිංහයා ඉදිරියේ සිටි වීඩියෝවක්ද නිකුත් කර තිබිණි. සිංහයා පුදුම වූ ආකාරයක් පළ කරමින් ඇය වෙත අඩි කිහිපයක් ගමන් කරන ආකාරයද වීඩියෝවේ දැක්වේ.
මෙම සිදුවීමෙන් කාන්තාවට කිසිදු හානියක් වී නොතිබුණි.
“මේ ක්‍රියාව හරිම බරපතලයි. දරුණුයි. ඒවගේම නීතිවිරෝධීව ඇතුලුවීමක්. දරුණු තුවාලයක් සිදුවන්න හෝ ඇයව මිය යන්න ඉඩතිබුණා. නීති සහ බාධක පනවා තිබෙන්නේ සත්වෝද්‍යානයට එන අමුත්තන්, සේවය කරන කාර්ය මණ්ඩලය වගේම සතුන්ගේත් ආරක්ෂාව ගැන හිතලායි ” යැයි බලධාරීහු පවසති.
(සීඑන්එන්ඇසුරිනි)
16844


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම 64න් එකක් තමයි දාන්න ඇත්තේ සිංහයාත් තක්බීර් වෙන්න.