IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ඇමෙරිකාවේ වඳුරු උණ පැතිරෙනවා

වේගවත් එන්නත්කරණයක් සිදුවුවත්, තවමත් 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සහ මරණ අතින් ලොව අංක එක ඇමෙරිකා එක්සත් ජනපදයයි. කොරෝනා ජරමර මැද, ඇමෙරිකාවේ 'වඳුරු උණ' වයිරසය පැතිරීමට පටන්ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.

'වඳුරු උණ' පැපොල හා සමාන ආකාරයේ වයිරස උණ රෝගයක් වන අතර ඊට නිසි ප්‍රතිකාරයක් ද නැත. සිරුරේ ප්‍රතිශක්තිය අනුව රෝගය සුව වීමට දින 14 ත් 21 ත් අතර කාලයක් ගතවෙයි. ඒ අනුව, වඳුරු උණ ගැන අනියතක බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

තද උණ, හිසරදය, සිරුරේ වේදනාව සහ පැපොල රෝගයේදී මෙන් සිරුරේ පලු මතුවීම රෝග ලක්ෂණ ලෙස සැලකෙයි.

ඇමෙරිකාවේ වසංගත රෝග පාලනය සහ වළක්වා ගැනීමේ ඒකකය Centers for Disease Control and Prevention (CDC) නිකුත් කළ නිවේදනයකට අනුව, මේ වනවිට ඇමෙරිකාවේ ප්‍රාන්ත 27 කින් වයිරසය ආසාදනය වී රෝගී වූවන් 200 කට වැඩි පිරිසක් හමුවී තිබේ.

'වඳුරු උණ' monkeypox රෝගී තත්ත්වය ඇති කරන 'වඳුරු උණ වයිරසය' පළමුවෙන් සොයා ගැනුණේ 1970 වසරේදී, අප්‍රිකා රටවල වැසි වන්නාතරවල ජීවත් වන වඳුරන්ගෙනි. 'වඳුරු උණ' යන නම ඊට යොදා ඇත්තේ එහෙයිනි.

70 දශකයේ අප්‍රිකාවේ රටවල් 10 කින් 'වඳුරු උණ' වසංගත වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.

'වඳුරු උණ' ඇමෙරිකාවට අලුත් දෙයක් නොවන අතර, 2003 වසරේ ද ඇමෙරිකාවෙන් වඳුරු උණ ආසාදිතයන් වාර්තා විය. අප්‍රිකාවෙන් පිට වෙනත් රටක, වඳුරු උණ රෝගීන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය විය. එම අවස්ථාවේදී රෝගීන් 81 දෙනකු වාර්තා විය.

බොහෝ දෙනකුට රෝගය ආසාදනය වී ඇත්තේ ඇමෙරිකාවේ තැනිතලා ආශ්‍රිිතව බහුලව දකින්න ලැබෙන ප්‍රේරිඩෝග්ස් බිම් ලේනුන්ගෙන් යැයි පසුව අනාවරණය විය. රෝගී වූ 81 දෙනාම සුවය ලැබූ බව ද පැවැසෙයි.

2017 වසරේ, වසර 40 කට පමණ පසු අප්‍රිකාවට අයත් නයිජීරියාවෙන් 'වඳුරු උණ' වසංගතයක් වාර්තා විය. 172 රෝගී වූ අතර, ඔවුන්ගෙන් සියයට 75 ක්, අවුරුදු 21 ත් 40 ත් අතර පිරිමි පුද්ගලයන් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවල දැක්වෙයි.

(සී.එන්.එන්.)

 



අදහස් (0)

ඇමෙරිකාවේ වඳුරු උණ පැතිරෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site