ඇමරිකාවේ ගංවතුරට යට වූ හූස්ටන් නගරයේ පිහිටි රසායනික කර්මාන්ත ශාලාවක් පිපිරීමට
හෝ ගිනි ගැනීමට ඉඩඇතැයි අනතුරු ඇඟවීම හේතුවෙන් කිලෝමීටර් තුනක පමණ ප්‍රදේශයේ පදිංචි ජනතාව ඉවත් කර ඇත.
ඉන් රසායන ද්‍රව්‍ය වායුගෝලයට කාන්දුවීමට පටන්ගෙන ඇති බව ද වාර්තා වේ.
කළු දුමාරයක් කම්හලින් පිටවන නමුත් තවම පිපිරීමක් සිදුව නැතැයි බලධාරීහු පවසති. කම්හල ආරක්ෂා කරමින් සිටි පොලිස් නිලධාරියකු දුම ශරීරගත වීම හේතුවෙන් රෝහල් ගත කර ඇති අතර සෙසු සේවකයින් සියලුදෙනා ආරක්ෂිතව ඉවත් කරනු ලැබ ඇ
ත.
අධික වැසි හේතුවෙන් විදුලිය බිඳවැටී රසායනාගාර වල සිසිලන ක්‍රියාදාමය අක්‍රිය වීම නිසා මෙම තත්ත්වය ඇති වූ බව පැවසේ. ගංවතුර නිසා විදුලි ජනක යන්ත්‍ර ද ක්‍රියා විරහිත වී ඇත. කම්හල පිහිටි කලාපයට ඉහළින් ගුවන් යානා පියාසර කිරීම ද තාවකාලිකව තහනම් කර ඇත.
(බීබීසී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.