ඇමරිකාවේ ප්‍රාන්ත පහකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඇතිවූ දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් මරණ තුනක් ද වාර්තා වී ඇතැයි බලධාරීහු පවසති.
දහස්ගණන් පුද්ගලයන් අවතැන් වී ඇති අතර නිවාස, මාර්ග හා වගාබිම් බොහොමයකට අලාභ හානි සිදුව ඇත.
පසුගිය දින කිහිපයේ ඇතිවූ අධික වර්ෂාපතනය සහ හිම දියවීම මෙම ආපදාවන්ට හේතුවූ බව කාලගුණික බලධාරීන් සඳහන් කරති.
ඉදිරි සතිය පුරාම මෙම අයහපත් කාලගුණික තත්ත්වය පවතිනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd