ශබ්දයේ වේගය මෙන් හයගුණයක වේගයක් අත්කර ගත හැකි නවීන තාක්ෂණ පහසුකම් වලින් පිරි ගුවන්යානයක් නිර්මානය කිරීමේ අතිශය රහසිගත ව්‍යාපෘතියක් ඇමරිකාව කි‍්‍රයාත්මක කරමින් සිටී යැයි මතයක් ලොව පුරා ගුවන්යානා විශේෂඥයින් අතර පැතිර යමින් තිබේ.
පසුගියදාක බි‍්‍රතාන්‍යයට ඉහළින් ඇසුණු මහා පිපිරුමක් මෙයට පදනම වී ඇත.විශේෂඥයින් පවසන්නේ එම පිපිරුම ශබ්දයේ වේගය පරදා දිවෙන යානයක සොනික් බූම් සංසිද්ධියේ ප‍්‍රතිඵලයක් ලෙස ඇසුණක් වන්නට ඉඩ තිබෙන බවයි.
“සොනික් බූම්” යනු ශබ්දයේ වේගය පරදා පියාසර කරන යානයක් නිසා උපදින කම්පන තරංගයන්ගෙන් ඇතිවන්නකි.එහි ශබ්දය මහා බෝම්බයක් පිපිරුවා හා සමානය.
බි‍්‍රතාන්‍යයට ඉහළින් ඇසුණු ඒ මහා ශබ්දය ගුවන්යානයකටම සම්බන්ධ කිරීමට උත්සාහ කරන්නේ ඇයිදැයි යන්නටද පිළිතුරක් දී තිබෙන විශේෂඥයෝ පවසන්නේ එම ශබ්දය මීට වසර ගණනාවකට ඉහතදී ශබ්දයේ වේගය පරදා යන පරිදි නිර්මානය කළ කොන්කෝර්ඩ් යානාවකින් ඉපැදුණු ශබ්දය හා සමාන වන බවයි.
නමුත් එය වඩා ප‍්‍රබලව ඇසීමෙන් එහි මූලාශ‍්‍රය වඩා ප‍්‍රබල යානයක් විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.
අධි වේගයෙන් ගමන් කළ හැකිවුවද පරිසර දුෂණය, නඩත්තු වියදම ආදී කරුණු මුල්කරගෙන දැන් කොන්කෝර්ඞ් යානා පවතින්නේ විශ‍්‍රාම ගන්වාය.
1987 වසරේදී ඇමරිකා අයවැයේ රහසිගත මුදල් වෙන්කිරීමක් ගැන සඳහනක් තිබුණි.ඒ පිළිඹද වැඩිදුර කරුණු හෙළිනොවූ නමුත් ප‍්‍රකට ගුවන්යානා නිශ්පාදක සමාගමක් වන ලොක්හීඞ් මාර්ටින් සමාගම පසුගිය වසරේදී තමන් එස්.ආර් 72 නම් අති නවීන ගුවන්යානයක් නිපදවමින් සිටින බව අනාවරණය කිරීමත් සමග ඒ මුදල් වෙන්කෙරුණේ මෙම ව්‍යාපෘතියටදැයි සැක මතුව තිබේ.
ආරංචි මාර්ග වලට අනුව මෙම යානය මහත් ප‍්‍රසිද්ධියක් හිමිකරගත් දැනට විශ‍්‍රාම ගන්වා ඇති එස්.ආර් 71 බ්ලැක්බර්ඞ් යානයට ආදේශයක් ලෙස නිර්මාණය කෙරේ.
“අවුරෝරා” ලෙස නම් කර තිබෙන මේ ව්‍යාපෘතිය අතිශය රහසිගත යැයි වර්ග කර ඇත.ඒ අනුව ආදේශයක් ලෙස ගුවන්යානයක් නිපදවන බව ඇමරිකාව පැවසුවද එහි තාක්ෂණය කවර ආකාරයේ වේදැයි කිසිවෙක් දන්නේ නැත.
අනාවරණය වී ඇති එකම කරුණ වන්නේ මෙම යානයට ශබ්දයේ වේගය එනම් මාක් 1 ක් මෙන් හයගුණයක වේගයක් එනම් මාක් 6 ක වේගයක් අත්පත් කර ගත හැකි බව පමණි.මාක් 6 ක් පැයට සැතපුම් 4567 ක වේගයකි.
මේ කරුණු සළකා බලන විට පසුගියදා ඇසුණු මහා ශබ්දය මේ යානයෙන් ඉපැදුණක් දෝ යි සාධාරණ සැකයක් මතුවන බව ගුවන්යානා විශේෂඥයෝ පවසති.
මේ සා වේගයක් අත්පත් කර ගැනීමට සාම්ප‍්‍රදායික ජෙට් එන්ජිමකින් නොහැකි බව පැවසේ.ඒ වෙනුවට අලූත්ම තාක්ෂණයක් භාවිතයට ගැනීමට සිදුවන බව සදහන්වේ.
එවන් තාක්ෂණයක්ද බි‍්‍රතාන්‍යය විද්‍යාඥයින් අත්හදා බලමින් සිටින අතර මේ දක්වා සාර්ථක ප‍්‍රතිඵල ලැබී නොමැත.
නමුත් ඇමරිකාවේ තත්ත්වය කෙසේදැයි තමන් නොදන්නා බව ඔවුහු කියති.කවරෙකු හෝ මෙම එන්ජිමේ කි‍්‍රයාකාරීත්වය හොදින්ම වටහාගෙන ඇත්නම් එය වහාම නිෂ්පාදනය කිරීමේ හැකියාව ඔහුට තිබෙන බව ඔවුහු පවසති.
මේ සියල්ල ඇමරිකාවේ රහස් ව්‍යාපෘතිය කෙරේ ඇති සැක තීව‍්‍ර කරන්නකි. එසේවුවත් සියල්ල එළිවන තෙක් බලා සිටිනවා ඇරෙන්නට අන් කළ හැකි දෙයක් මේ වාතාවරණයේ නොමැත.

COMMENTS
හදන ඒවා පෙන්නා පෙන්නා හදන රටවල් තියෙන්නේ කොහෙද ? අපිනම් නොහැදුවත් සැටලයිට් හැදුවා කියනවා. (ස)
ඉතින් අපිට මොකක්ද ඇති සෙත ඔවුන් මොනවා හැදුවත්. (නි)
අදහස් දක්වන සමහර අය හිතාගෙන ඉන්නෙ චීනයයි රුසියාවයි කියන්නෙ බොහොම හොඳ රටවල් දෙකක් කියලා. චීනය හොංකොං රාජ්‍යයට කළ දේ, තායිවානයට කරන්න යන දේ සහ ලංකාවට කරලා තිබෙන දේ හොයලා කියවලා බලන්න. ලංකාවේ ආර්ථිකය ගිලින විදිහ, භූමියෙන් අක්කර කීයක් අරගෙනද, මහා පරිමාණ ව්‍යාපෘති වල අයිතිය අරගෙන, අනෙක් අතින් ලංකාවේ මොනවද එයාලා මිලදී ගන්නේ. (නි)
නියම බුදු දහමින් විතරයි ලෝක සාමය පවත්වාගන්න පුළුවන් (නි)
මහී, ඔබ නිවැරදියි (නි)
හැමදාම හොර අල්ල අල්ලා ඉඳලා හරියන්නෙ නැහැ, මොනවාමහරි කරන්නම වෙනවා (නි)
ඇමෙරිකාව හෝ බ්‍රිතාන්‍ය මොකා මොක හැදුවත් අපිට මොකෝ යකෝ. අපි කාල ඉන්නේ අපේ පඩියෙන්නේ (අ)
ඇමරිකාව බ්‍රිතාන්‍ය දැන් හදාන්න හදන දේ රුසියාව හදල ඉවරයි (නදී)
සුද්දෝ අවුරුදු ගණනකට කලින් පොත්වල ලිව්ව දේවල් කටපාඩම් කරගෙන, එම දේවල් ටික පැය කීපයක් තුල වමාරා ලියන උත්තර පත්තර ,වලින් බුද්ධිමතුන් සහ ඉංජිනේරුවන් බිහි වේවි කියල හිතන, දුපතක අපි සිරවෙලා. මෙම රටවල් අපිව පසුකර වසර සියගණනක් ඉදිරියට යනහැටි අපි බලා සිටිමු. දැන් ඉතින් වෙන කුමක් කරන්නද? සංවාදයකට ඇරයුමකි. (නදී)
ඔය කොයි සෙල්ලම් දැන්මත් චීනය සහ රුසියාව අමාරුවෙදාන්න හැදුවොත් කපෝති. ලෝක ඉතිහාසය ආයේමත් වසර මිලියන ගණනක් ආපස්සට යාවි. (ස)
මෙම ලොක්හීඩ් සමාගම සහ ඇමෙරිකානු එෆ් . බී . අයි ආයතන වල ගොඩනැගිලි කිහිපයක වස්තු විද්‍යාත්මක ඇගයීම් සහ සැලසුම් සකස් කිරීමට මටත් අවස්ථාවක් ලැබුන පසුගිය වසරේ. සෑම දෙයම ඉතාම රහසිගතයි , ගොඩනැගිලි බාහිර එන්විලොප් එක කුඩා වයරයක් වත් ඇතුලට දමන්න බැරි විදිහට 100% කම සන්වෘත ලෙස සකස් කරනවා , ඒ රහස් කැමරා, මික්රෝෆොන ඇතුල් කිරීම වැලක්වීමටයි. පිටත නිමයුමට රබර්, ලී වැනි පහසුවෙන් කැපිය හැකි දේවල් නොදමන අතර යකඩ, අලුමේනියම් වගේ ලෝහ පාවිච්චිය අනිවාර්යයි. ඒ වගේම ගොඩනැගීම අවසන් වූ වහාම ඊට සම්බන්ධ සියලුම වස්තු විදයාඥයන්, ඉංජිනේරුවන්, කොන්ත්‍රාත් කරුවන් වෙත නිකුත් වූ සියලුම සැලසුම් පිටපත් නැවත බාරදිය යුතු අතර එසේ නොකරන්නේ නම් ඒවා පුළුස්ස විනාශ කල බවට ඔප්පු කර පෙන්විය යුතුයි. (නදී)
ඇමරිකාව එංගලන්තය ඇතුළු ධනවාදී කඳවුර මැද පෙරදිග ඇතුළු රටවල් වලට කරන කරදර වල හැටියට චීනය සහ රුසියාව මොනවද කරන්නේ? මට පේන විදියට රුසියාව චීනය කරන දේවල් හරියට "හතර පෝයට සිල්ගන්න කෙනෙක් බල්ලෙකුට කොටුවක් උරුක්කරලා ඌව එලවා දැමීමකට" සමානයි. (ර)
කවදාකවත් සාර්ථක වන්නේ නැහැ. පීඩනයත් සමඟ ගට්ටනයේදී පුපුරා යනවා.(නදී)
විද්‍යා , එයට ගොඩක් හේතු තියෙනවා.හොංකොං චීනයට බාරදුන්නත් රහසිගතව එහි පාලනයට එංගලන්තය අතපොවනවා. ඒ වගේම යුක්රේනයටත් ඇමෙරිකාව අතපොවනවා. (නි)
ඇමරිකාව මුළු ලෝකෙටම කරන හිරිහැර පෙනෙන්නේ නැද්ද? (නි)
චීනය , රුසියාව මට නම් හොඳ රටවල් නෙමෙයි. චීනය අද හොංකොං රටේ වැසියාට හිරිහැර කරනවා. රුසියාව යුක්රේනයට හිරිහැර කරනවා. (නි)
බුද්ධියෙන් බැලුවොත් ඔය කවුරුත් අන්තිමට අපිව හුරගෙන කාලා නේද ? (ර)
ශබ්දයේ වේගයට සමානවන වේගය (සුපර් සොනික්) "මැක්" එකක් ලෙස නේද හඳුන්වන්නේ. (නි)
හදුවටනම් අපිට කමක් නැහැ.එත් ඉතින් ලෝකෙටම ඕකෙන් විනාශයක් නම් වෙන්නේ ,ඒක හොඳ නැහැ.(හේ)