IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ කැපිටල් ගැසට් පුවත්පත් කාර්යාලයේ වෙඩි තැබීමකින් 5 ක් මරුට

ඇමෙරිකාවේ මේරිලන්ඩ්හි ප්‍රාදේශීය පුවත්පත් කාර්යාලයක සිදුවූ වෙඩි තැබීමකින් පස්දෙනකු මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත. 
 
දුම් බෝම්බ කිහිපයක් ද මූනිස්සම් තුවක්කුවක්ද රැගෙන පැමිණි ප්‍රහාරකයා වීදුරු දොරක් තුළින් "කැපිටල් ගැසට්" පුවත්පත් කාර්යාලයේ ප්‍රවෘත්ති කාමරයට වෙඩි තබා ඇති බව පොලිසිය පවසයි. 
 
එම අවස්ථාවේ එහි විසිදෙනකු පමණ රැඳී සිට ඇත. ගොඩනැගිල්ලේ සිටි 170 ක් පමණ දෙනා ආරක්ෂිතව ඉවත් කළ බව බලධාරීහු පවසති.
 
ප්‍රහාරකයා ජැරඩ් රැමෝස් නම් පුද්ගලයෙකු වන අතර පුවත්පත් ආයතනයට විරුද්ධව 2012 වර්ෂයේදී නඩු කියූ අයකු ලෙස හඳුනාගෙන ඇත.
 
පොලිසිය පවසන්නේ ප්‍රහාරකයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි. මෙය පුවත්පත් ආයතනය ඉලක්ක කර සැලසුම් සහගතව සිදුකරන ලද ප්‍රහාරයක් බවද පොලිසිය පවසයි. 
 
"ද කැපිටල්" නම් දිනපතා පුවත්පත ද ඇතුළුව පුවත්පත් ගණනාවක් පල කරන කැපිටල් ගැසට් ආයතනය 1884 වර්ෂයේ ආරම්භ කරන ලද්දකි.
 
(බීබීසි ඇසුරිනි - 085)



අදහස් (0)

ඇමෙරිකාවේ කැපිටල් ගැසට් පුවත්පත් කාර්යාලයේ වෙඩි තැබීමකින් 5 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site