චීනයෙන් එල්ල වන තර්ජනවලට මුහුණ දීමේ අරමුණින්, විශේෂ ආරක්ෂක සහයෝගිතා ගිවිසුමක් සඳහා ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව අතරේ එකඟත්වයක් ඇති කර ගැනුණි.
'අවුකුස්' යන නමින් නම් කළ මෙම සහයෝගීතාව හරහා ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව එක් වී, ඔවුන් සතු උසස් මෙන්ම නවීන තාක්ෂණය ආරක්ෂක කටයුතු සඳහා යොදා ගැනෙයි. ඊට අමතරව, මෙම සහයෝගීතාවේ ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියාවට පළමු වරට න්‍යෂ්ටික බලැති සබ්මැරීන ඉදි කිරීමට අවස්ථාවක් ද උදා වනු ඇත.
ඕස්ට්‍රේලියාව මීට පෙර ප්‍රංශය සමඟ ගිවිසුමක් ඇති කර ගනිමින්, සබ්මැරීන් නිර්මාණයට සූදානම් වූ නමුත් 'අවුකුස්' ආරක්ෂිත සහයෝගීතා ගිවිසුමට ඔවුන් එක් වුණු බැවින්, ප්‍රංශය සමඟ ගිවිසුම අහෝසි කර දැමුණි. ඕස්ට්‍රේලියාව ප්‍රංශය සමඟ මෙම ගිවිසුම ඇති කර ගැණුනේ 2016 දීය. කෙසේ නමුත් එම ගිවිසුම සම්බන්ධයෙන් පැවැති මත ගැටුම් හේතුවෙන් එය ක්‍රියාවට නැංවීමක් සිදු නොවිණි. ඔස්ට්‍රේලියාව ගිවිසුම අහෝසි කිරීම සම්බන්ධයෙන් ප්‍රංශය විරෝධය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කෘත්‍රිම බුද්ධි, ක්වොන්ටම් සහ සයිබර් තාක්ෂණය සහ ඒ සම්බන්ධයෙන් දැනුම බෙදා ගැනීමක් ද 'අවුකුස්' සහයෝගීතා එකමුතුව හරහා ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව අතරේ සිදුවනු ඇති බව පැවැසෙයි.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ගෝලීය ප්‍රවණතා හමුවේ කාලීන අවශ්‍යතා අනුව, ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව අතරේ මෙම සහයෝගීතාව ඇති කර ගත් බවය. සහයෝගීතාව ඇති කර ගැණුනේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අතරේ පැවැති සාකච්ඡාවලින් අනතුරුවය.
ඉන්දු පැසිෆික් කලාපයේ තම ආධිපත්‍ය පතුරුවා ගැනීමටත්, හමුදා ශක්තිය වැඩි කර ගැනීමටත් චීනය පියවර ගෙන ඇත. චීනයේ මෙසේ ඔවුන්ගේ හමුදා ශක්තිය ව්‍යාප්ත කර ගැනීම සම්බන්ධයෙන් ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව පසුගිය මාස කීපය පුරා කනස්සල්ලෙන් පසුවය. 'අවුකුස්' ආරක්ෂක සහයෝගීතාව ඇති කර ගැණුනේ ඒ අනුව බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 18
608
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇමෙරිකාව-ඕස්ට්‍රේලියාව බ්‍රිතාන්‍යය චීනයට එරෙහි වෙයි