සැන් බර්නිනාඩෝ ඝාතකයාගේ ඇපල් අයිෆෝන් දුරකථනයයේ තොරතුරු අනවසරයෙන් ලබා ගැනීමට  උපකාර කරන තෙක් ඇපල් සමාගම වර්ජනය කළ යුතු බව එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂක   ඩොනල්ඩ් ට්රම්ප් ප්‍රකාශ කියා ඇතැයි බි බි සිය වාර්තා කරයි.

ඔහුගේ ට්විටර් ගිණුමේද ඒ බව සදහන් කර තිබේ.

සැකකරුගේ ඇපල්  දුරකථනයකට අනවසරෙන් ඇතුළු වීමට උදව් කරන ලෙස අධිකරණයෙන් දුන් නියෝගයක් සම්බන්ධව අධිකරණ දෙපාර්තමේන්තුව සමග ගැටුම් ඇති වී තිබේ.  

ඇමෙරිකා අධිකාරණයේ ඉල්ලීම ඇපල් සමාගම ප්‍රතික්ෂේප කළේය. ඔවුන් කීවේ පාරිභෝගිකයාවේ විශ්වාසය පළුදු වීමට ඉඩ නොතබන බවයි.

මෙම ඇපල් දුරකථනය පහුගිය දෙසැම්බරයේ සැන් බර්නිනාඩාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයක් සිදු කරන ලද ත්‍රස්ත්වදියෙකුගේ ය.

ප්‍රචාරක රැලියක් අමතමින් ට්‍රම්ප්ගේ   පැවසුවේ ඇපල් සමගම ඒ තොරතුරු ලබා දෙන තෙක් එම ජංගම දුරකථන වර්ජනය කල යුතු බවයි.

ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටීම් කුක් ගේ ප්‍රකාශය සමග නැවත මෝසමක් මගින් නඩු විභාගය මාර්තු මස 22 කැලිෆෝනියා අධිකරණදී කැඳවීමට නියමිතය.