IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ඇමරිකාවෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)
 
රුසියාව දිගින් දිගටම ඉරානය ආරක්ෂා කරන්නේ නම් අපට ඒකපාර්ශවීය තීරණයක් ගැනීමට සිදු වන්නේ යැයි ඇමෙරිකා එක්සත් ජනපදය අනතුරු ඇඟවීය.
 
යේමනයේ හූතී කැරැලිකරුවන්ගේ අතට ආයුධ ලැබීම නැවැත්වීමට ඉරානය පියවර නොගත් බවට චෝදනා කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ඉදිරිත් විය. 
 
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛත්වය ගෙන බටහිර රටවල් අනුග්‍රහයෙන් මෙම යෝජනාව ඉදිරිපත් වූයේ සඳුඳා (26) දිනයේදීය. එහෙත් රුසියාව තම නිෂේද බලය භාවිත කරමින් අදාළව යෝජනාව ප්‍රතික්ෂේප කළේය. 
 
“රුසියාව දිගින් දිගටම ඉරානය ආරක්ෂා කරන්නේ නම් ඇමෙරිකා එක්සත් ජනපදය ලෙස අපටත් අපේ මිත්‍ර පාර්ශව වලටත් ඒකපාර්ශවීය පියවරක් ගන්න වෙනවා” යැයි ආරක්ෂක කවුන්සියේදී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි නිකි හේලී මාධ්‍යවේදීන් හමුවේ කීවාය. 
 
කෙසේ නමුත් කවරාකාරයේ ක්‍රියාමාර්ගයක් ගන්නේ ද හේලී කිසිවක් ප්‍රකාශ නොකළාය. ඇමෙරිකා එක්සත් ජනපදය මාස කිහිපයක් මුළුල්ලේ ඉරානයට එරෙහිව පියවර ගන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ මිත්‍ර පාර්ශවවල සහාය පැතීය. 
 
එහෙත් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඉදිරිපත් කළ යෝජනාව රුසියාවේ නිෂේද බලය හමුවේ ඉවත්වීම ඇමෙරිකාව ලැබූ පරාජයකි. 
 
055



අදහස් (1)

ඇමරිකාවෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්

රවින් Tuesday, 27 February 2018 01:11 PM

දෙගොල්ලන්ම අනිකුත් රටවල්වල දේවලට ඇඟිලි නොගසා හිටියනම් ඔය ප්‍රශ්න ඔක්කොම සමතයකට පත්කළ හැකිය.

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 328 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 356 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1293 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site