(125)
ඇමෙරිකාවේ සමාගමක සමාගමක ඊමේල් පද්ධතිය හරහා අමෙරිකානු ඩොලර් මිලියන ගණනක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ශ්‍රී ලංකාවේ සම්භවයක් සහිත පුද්ගලයකු ඊට වරදකරු කළ බ්‍රිතාන්‍ය අධිකරණය ඔහුට වසර 7 ක මාස අටක සිරදඬුවමක් නියම කරනු ලැබ ඇතැයි තානාපති ආරංචි මාර්ග සදහන් කරයි.
බ්‍රිතාන්‍යයේ කර්නාර්ෆෝන් ක්‍රවුන් අධිකරණය මෙලෙස සිරදඬුවම් නියම කරනු ලැබුවේ මුදල් විශුද්ධිකරන යන චෝදනාව යටතේ වන අතර ඔහු බ්‍රිතාන්‍යයේ පෝර්ටන්ඩෝග් හි පදිංචිව සිටි 41 හැවිරිදි මයිකල් කිනානෝ නැමැත්තෙකුය.
මොහු 2018 වර්ෂයේ දී බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක අමෙරිකානු සමාගමක විද්‍යුත් තැපෑලකට අනවසරෙයන් ඇතුළු වී අමෙරිකානු ඩොලර් මිලියන 8කට ආසන්න මුදලක් වංචා කර ඇති බවට එරට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබු බවද එම ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව බ්‍රිතාන්‍යයේ නෝත්වෙල්ස් පොලීසිය සහ එෆ්.බී.අයි ආයතනය එක්ව ඒකාබද්ධව සිදු කළ විමර්ශනයකින් පසුව මෙම සැකකරු පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ගැට්වික් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
එම චෝදනාවට වරද පිළිගත් සැකකරුට එරෙහිව පෙරේදා (04) මෙම සිරදඬුවම නියම කරනු ලැබූ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.
2025 දෙසැම්බර් මස 04
154
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
365
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමෙරිකානු සමාගමකින් මුදල් වංචා කළ පුද්ගලයකුට වසර 7 ක සිරදඬුවම්