IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකානු සෙනට් සභාවේ පැරැණිතම සභිකයාටත් කොරෝනා

 

ඇමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් සභාවේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන සෙනට් සභිකයකු වන චක් ග්‍රේස්ලිට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.

චක් ග්‍රේස්ලි ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවේ වැඩිම කාලයක් මුළුල්ලේ නියෝජනය කරන සෙනට් සභිකයා ද වේ.

අයෝවා ජනපදය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ සභිකයකු වන ග්‍රේස්ලි 87 වැනි වියේ පසුවන අතර තමන් නිරෝධායනයට යොමු වූයේ යැයි හෙතෙම මේ සතිය මුලදී පවසා තිබිණි. තමන් නිරෝධායනයට යොමු වූ බවත් වයිරසය ආසාදනය වී ඇත්ද නැද්ද යන්න තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණයකට යොමු වූ බවත් හෙතෙම කීය. පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් තමන් නිවසේ සිට කටයුතු කරන්නේ යැයි ද හෙතෙම කීය. කෙසේ නමුත් වයිරසය නිරාවරණය වූයේ කෙසේ දැයි ඔහු සඳහන් කර තිබුණේ නැත.

එසේ වුවත් ඔහුට වයිරසය ආසාදනය වී ඇතැයි ඊයේ (17) පස්වරුවේ තහවුරු විය.

‘‘මම ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා. තවමත් රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් කරන්නේ නැහැ. කෙසේ නමුත් සියලු දෙනාගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙමින් මහජන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ඉතා වැදගත්’’ යැයි ග්‍රේස්ලි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනට් සභාවේ ‘ප්‍රසිඩන්ට් ප්‍රෝ ටෙම්පරරි’ තනතුර හොබවන්නේ ද සෙනට් සභික චක් ග්‍රේස්ලි ය. එහි අරුත නම් ඇමෙරිකානු උප ජනාධිපති නොමැති අවස්ථාවල සෙනට් සභාවේ සභාපතීත්වය හොබවන්නේ ‘ප්‍රසිඩන්ට් ප්‍රෝ ටෙම්පරරි’ තනතුර හිමි සෙනට් සභිකයා ය. වර්තමානයේ ඇමෙරිකාවේ උප ජනාධිපති ධුරය හොබවන්නේ මයික් පෙන්ස් ය. ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවේ සභාපතිවරයා වන්නේ එරට උප ජනාධිපතිවරයා ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාට යම් හෙයකින් එම ධුරය හෙබවීමට නොහැකි වුවහොත් එම ධුරයේ වැඩ බලන්නන්ගේ අනුපිළිවෙළේ තෙවැනි තැන හිමිව තිබෙන්නේ ද මේ ‘ප්‍රසිඩන්ට් ප්‍රෝ ටෙම්පරරි’ යන තනතුරට ය.

එහි පළමු තැන උප ජනාධිපති ධුරයට ද දෙවැනි තැන ඇමෙරිකා එක්සත් ජනපදයේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායකවරයාට ය. වර්තමානයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක ධුරය හොබවන්නේ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජිත නැන්සි පෙලොසි ය.

නව කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් සෙනට් සභාවේ මේ සතියේ පැවැත්වුණු ඡන්ද විමසීමට සෙනට් සභික චක් ග්‍රේස්ලිට සහභාගී වීමට නොහැකි වනු ඇතැයි පැවසේ. ඒ අනුව චක් ග්‍රේස්ලි මේ වනතෙක් වසර 27ක් මුළුල්ලේ සෙනට් සභාවේ පැවැති සෑම ඡන්ද විමසීමකටම සහභාගී වෙමින් තැබූ වාර්තාව අවසන් විය. ඔහුගේ කාර්යාලයට අනුව අවසන් වරට ඔහුට සෙනට් සභාවේ පැවැති ඡන්ද විමසීමකට සහභාගී වීමට නොහැකි වී ඇත්තේ 1993 වසරේ දී ය. අයෝවා ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ඔහුට එම සෙනට් සභාවේ පැවැති ඡන්ද විමසීමකට සහභාගී වීමට නොහැකි විය. සහන සැලසීමේ කටයුතුවලට සම්බන්ධ වීම හේතුවෙන් එලෙස ඔහුට ඊට සහභාගී වීමට නොහැකි විය.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට මහ බැංකුවවේ ආණ්ඩුකාරවරුන්ගේ මණ්ඩලයට ජූඩි ෂෙල්ටන් පත් කිරීම සම්බන්ධයෙන් එම ඡන්ද විමසීම පැවැත්විණි. ඇමෙරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් රිසව් බැංකුවට ජූඩි ෂෙල්ටන් පත් කිරීම සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබිණි.

ග්‍රේස්ලි මුල්වරට සෙනට් සභාවට තේරී පත්වූයේ 1974 වසරේ දී ය. ඉන් පසු ඔහු 1980 වසරේ දී නැවත සෙනට් සභාවට තේරී පත්විය.

නිරෝධායනයට පෙර ග්‍රේස්ලි මුඛ ආවරණයක් ද නොපැලඳ සෙනට් සභාවේදී ඉකුත් දිනෙක අදහස් දක්වා තිබිණි.

මේ අතර බුද්ධි අංශ ජනාධිපතිවරයාට කරන දෛනිකව වාර්තා කිරීම්වලට තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් ද සම්බන්ධ කරගත යුතු යැයි චක් ග්‍රේස්ලි පසුගිය සතියේදී පවසා තිබිණි.
 
ඒ.එෆ්.පී.
 
055



අදහස් (0)

ඇමෙරිකානු සෙනට් සභාවේ පැරැණිතම සභිකයාටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 130 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site