IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


ඇමෙරිකන් නියෝජිතයා පිළිගැනීම පාකිස්තාන රජය ප‍්‍රතික්ෂේප කරයි

ඇෆ්ගන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාකිස්තානයට පැමිණීමට නියමිත ඇමෙරිකා විශේෂ නියෝජිතයා නොපිළිගැනීමට පාකිස්තාන රජය පෙරේදා (18) තීරණය කළේය. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ නියෝජිත මාක් ග්‍රොස්මන් පිළිගැනීමට පාකිස්තාන රජය අකමැත්ත පළ කළේ ඇමෙරිකාව සමඟ ඇති සම්බන්ධතා පළුඳු වී ඇති නිසාය. ඇමෙරිකා/පාකිස්තාන හොඳහිත පළුඳු වූයේ ඉකුත් වසරේ නොවැම්බර් 26 වැනිදා ඇමෙරිකන් හමුදා ප‍්‍රහාරයකින් පාකිස්තාන සෙබළුන් 24 දෙනකු ජීවිතක්ෂයට පත්වීමෙන් පසුවය. පාකිස්තානය හරහා ඇමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානයේ ඔවුන්ගේ සෙබළුන්ට අවශ්‍ය බඩු බාහිරාදිය ගෙන යන සැපැයුම් මාර්ග වසා දැමීමට ද එම අවස්ථාවේදී පාකිස්තාන රජය තීරණය කළේය. එම සැපැයුම් මාර්ග තවමත් විවෘත කර නැත. පාකිස්තාන රජය විරෝධය පළ කළ හෙයින් ග්‍රොස්මන් අද (20) ඉන්දියාවට පැමිණීමට නියමිතය. ඔහු පාකිස්තානයට යෑමට සූදානම් වූයේ ඇෆ්ගන් අර්බුදය ගැන සාකච්ඡා කිරීමටය. ඇමෙරිකා හමුදා 2014 දී හමුදා මෙහෙයුම් අවසන් කර ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට නියමිත අතර ඉන්පසු ඇෆ්ගන් රජයට සහාය දීමට අසල්වැසි රටවල් යොමු කිරීමට ඇමෙරිකාව සූදානම් වේ. ඇෆ්ගනිස්තානයේ සමීපතම අසල්වැසියා වන්නේ පාකිස්තානයයි. එහෙත් ඇමෙරිකාව සමඟ පවතින මතභේද නිසා ඇෆ්ගන්/පාකිස්තාන සබඳතා ද දෙදරීමකට ලක් වී ඇත. පාකිස්තාන රජයේ සහාය ලබන ඉස්ලාමීය සටන්කාමීන් ඇෆ්ගන් සටන්කාමීන් සමඟ එක්වී ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුරකන්නේ යැයි ඇෆ්ගනිස්තානය චෝදනා කර ඇත. ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණ ඉන්දීය අගමැති මන්මෝහන් සිං ඇතුළු රාජ්‍ය නායකයන් හමුවීමෙන් අනතුරුව, ග්‍රොස්මන් ඇෆ්ගනිස්තානය බලා පිටත්වීමට නියමිතය. ඉන්පසු ඔහු කටාර් රාජ්‍යයට, සෞදි අරාබියට, තුර්කියට සහ අරාබි එමීර් රාජ්‍යයට ද ගොස් ඇෆ්ගන් අර්බුදය ගැන සාකච්ඡා කිරීමට නියමිතය



අදහස් (0)

ඇමෙරිකන් නියෝජිතයා පිළිගැනීම පාකිස්තාන රජය ප‍්‍රතික්ෂේප කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 173 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 241 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1115 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site