IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇමරිකානු ජනාධිපතිවරයාගේ මතය වෙනස් වෙයි

ඇමෙරිකානු ජනපතිවරණයේදී රුසියාව ඩිමොක්‍රටික් පක්ෂයේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වූ බවට ඇමරිකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වු ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා  විශ්වාස කරන බව ට්‍රම්ප් මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී රෙයින්ස් ප්‍රීබස් පැවසීය.

ඇමෙරිකා බුද්ධි අංශ මේ සම්බන්ධයෙන් ලබා දුන් වාර්තාව නව ජනාධිපතිවරයා පිළිගන්නා බවත් ඊට එරෙහිව නීතීමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රීබස් මහතා කීවේය.


මෙම සිදුවීම රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් මහතාගේ අනුදැනුම ඇතිව සිදුවූවාද යන්න ඇමරිකාවේ නව ජනාධිපතිවරයා එකඟ වූ බවක් ඔහු පැහැදිලිව පැවසුවේ නැත..


ඩිමොක්‍රටික් පක්ෂයේ ඊමේල් අනවසරයෙන් ලබාගත් බවට රුසියාවට එල්ල වූ චෝදනා ට්‍රම්ප් මහතාගේ කණ්ඩායම විසින් පිළිගන්නා ලද ප්‍රථම අවස්ථාව මෙයයි. මීට පෙර අවස්ථා කිහිපයකදීම රුසියාවට එල්ල වූ චෝදනා ට්‍රම්ප් මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදි. ට්‍රම්ප් මහතා පැවසුයේ එම සිදුවීම පිටුපස චීනය හෝ වෙනත් රටක් සිටි බවකි.
 
ට්‍රම්ප් මහතාගේ දිවුරුම් දීමේ උළෙලට සති දෙකක් තිබියදී මෙම චෝදනා පිළිගැනිමට හේතුවූයේ ට්‍රම්ප් මහතාට පාක්ෂිකයන්ගෙන් එල්ල වූ බලපෑම නිසා බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.


ජනපතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් මහත්මිය අවමානයට පත් කිරීම සඳහා කළ සයිබර් ප්‍රහාරයට රුසියානු ජනපතිවරයා  සම්බන්ධ වීයැයි ඇමෙරිකා බුද්ධි අංශ පසුගිය සතියේ වාර්තාවක් නිකුත් කළේ ය.
 



අදහස් (0)

ඇමරිකානු ජනාධිපතිවරයාගේ මතය වෙනස් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site