IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඇපල් පරිගණක සමාගම ඇරැඹූ ස්ටීව් ජොබ්ස් ලොවෙන් සමුගනී

තාක්ෂණයේ නව පෙරැළියක් කරමින් ඇපල් පරිගණක ලොවට දායාද කළ ඇපල් පරිගණක සමාගම ආරම්භ කිරීමට දායක වූ ඇමෙරිකා ජාතික ස්ටීව් ජොබ්ස් පෙරේදා (05) මෙලොවින් සමුගත්තේය. ඇපල් පරිගණක පමණක් නොව, ඇපල් සමාගමේ ‘අයිෆෝන්’, ‘අයිපොඞ්’, ‘අයිපෑඞ්’ සහ ‘අයිටියුන්’ යන අති නවීන තාක්ෂණයෙන් නිපදවූ ඉලෙක්ට්‍රොනික උපාංග රැසක් ලොවට හඳුන්වා දීමේ පුරෝගාමියා ද ස්ටීව් ජෝබ්ස්ය. ජොබ්ස් මියගියේ දීර්ග කාලයක් තිස්සේ පිළිකාවකින් පීඩා විඳීමෙනි. මියයන විට ඔහුගේ වයස අවුරුදු 56 කි. 1955 වසරේ උපන් ජොබ්ස්, 1976 වසරේදී ඇපල් සමාගම පිහිටුවූයේ ඔහුගේ ළමා වියේ සිටම මිතුරකු වූ ස්ටීව් වොස්නියාක් සමඟය. අප එදිනෙදා භාවිත කරන ගෘහස්ත පරිගණක මුලින්ම ලොවට හඳුන්වා දුන්නේ ඇපල් සමාගමයි. ”ජෝබ්ස්ගේ අභාවය සැලවීමෙන් මා ඉමහත් කම්පනයට පත්වුණා. ඔහු අසමසම චරිතයක්. නවීන තාක්ෂණ ලොවට දායාද කළ සුවිශේෂී පුද්ගලයකු හැටියට මා ඔහු දකිනවා. ඔහු මගේ මිතුරා” යැයි ඇපල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී ස්ටීව් වොස්නියාක් ඇමෙරිකාවේ ඒ.බී.සී. පුවත් සේවය සමඟ අදහස් දක්වමින් කියා සිටියේය. පිළිකාවකින් පීඩා විඳින බව ජොබ්ස් දැනගත්තේ 2004 වසරේදීය. 2009 වසරේදී ඔහුට අක්මා බද්ධයක් ද සිදු කෙරුණි. ඉකුත් අගෝස්තු 24 වැනිදා ජොබ්ස්, ඇපල් සමාගමේ විධායක නිලධාරී ධුරයෙන් ද ඉවත් වූයේය. ඒ, අයහපත් සෞඛ්‍යය තත්ත්වය හේතුකොට ගෙනය.



අදහස් (0)

ඇපල් පරිගණක සමාගම ඇරැඹූ ස්ටීව් ජොබ්ස් ලොවෙන් සමුගනී

දුමින්ද Saturday, 08 October 2011 10:37 AM

එතුමා බෞද්ධයෙක්. ඔහුට නිවන්සුව!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 437 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site