ආසියා කලාපයට අයත් මුහුදු ප්‍රදේශ වල අළුතින් ආරම්බ කරන සියළුම ඉදිකිරීම් හා හමුදාමය ක්‍රියාකාරීත්වයන් නැවැත්වීමට පියවර ගන්නැයි ඇමරිකා ජනපති බැරක් ඔබාමා පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. ඒ මහතා මේ බව පවසා ඇත්තේ ගිණිකොනදිග ආසියානු රටවල නායකයින් සමග කැලිෆෝනියාවේ පැවති සාකච්ඡාවකදීය.

ඇමරිකා ජනපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ ජාත්‍යන්තර නීතියට යටත් ප්‍රදේශ වල ක්‍රියාත්මක වීමට ඇමරිකාවට බලයක් ඇති බවයි. එසේම තම මිත්‍ර රටවල් වලටද ඒ සඳහා උපකාර කරන බව ඒ මහතා සඳහන් කැර ඇත.

චීනය විසින් දකුණු චීන මුහුදේ කඩිනමින් ඉදිකරන ගුවන් තොටුපළ හා ගුවන් ධාවන පථ හමුදාමය කටයුතු සඳහා යොදාගැනීමට ඇති හැකියාව සම්බන්ධව ඔබාමා මහතා මෙම අනතුරු ඇඟවීම සිදු කරන්නට ඇතැයි විචාරකයෝ පවසති.