IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ආචාර්ය අබ්දුල් කලාමේගේ දේහය උපන් ගමට

ඉන්දියාවේ හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම්ගේ දේහය අද (29) ඔහුගේ උපන් නගරය වන තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් වෙත රැගෙන එනු ලැබීය.

අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (30) උදෑසන පැවැත්වීමට නියමිත අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ඊට සහභාගී වීමට නියමිතය.

83 හැවිරිදි ආචාර්ය කලාම් හෘදයාබාදයකින් මෙලොවින් සමුගත්තේ පසුගිය 27 වැනිදා සවසය. ඒ ෂිලෝන් නුවර ඉන්දීය කළමනාකරණ ආයතනයේ දේශනයකට සහභාගී වෙමින් සිටිද්දී සිහිසුන්ව ඇද වැටීමෙන් පසුවය.

කලාම්ගේ දේහය අඟහරුවාදා (28)  හමුදා ගෞරව සහිතව විශේෂ ගුවන් යානයකින් නවදිල්ලි අගනුවරට ගෙන ආවේය. ගුවන් හමුදා කඳවුරේ දී අගමැති නරේන්ද්‍ර මෝදි සහ වර්තමාන ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජී පැමිණ ගෞරව දැක්වූහ.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවන් තමන් අවමංගල්‍ය උත්සවයට සහභාගී නොවන බව තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් පවසා ඇත.

ආචාර්ය කලාම් ඉන්දියාවේ 11 වැනි ජනපතිවරයා වූ අතර 2002 වසරේ සිට 2007 වසර දක්වා ජනපතිධුරය දැරුවේය. අබ්දුල් කලාම් රාමේෂ්වරම්හි උපත ලැබුවේ 1931 ඔක්තෝබර් 15 වැනි දා ය.

සූර්ය බලශක්තිය, න්‍යෂ්ටික බලශක්තිය, තාක්ෂණය හා විද්‍යාව සඳහා ඔහු කළ ඉමහත් සේවාව වෙනුවෙන්, ඉන්දියාවේ පුද්ගලයකුට හිමිවන ඉහළම සම්මාන වන භාරත් රත්න හා පද්ම භූෂණ සම්මාන වලින් ද පිදුම් ලැබීය.



අදහස් (0)

ආචාර්ය අබ්දුල් කලාමේගේ දේහය උපන් ගමට

විජිත් Wednesday, 29 July 2015 03:53 PM

උගත්කමෙන් බලවත්කමෙන් ඉහළටම ආවත් මනුස්සකම කියන යහපත් ගුණය හැමදාම පෙන්වපු නිහතමානී මහත්මයෙක්.ඔබට ඔබේ ආගම අනුව මෝක්ෂ සුවය ලැබේවා. (නි)

:       0       0

නිෂාද් Monday, 03 August 2015 04:43 AM

අපේ දේශපාලනඥයන්ට විතරක් නෙමෙයි සෑම පුද්ගලයෙකුටම තම ජීවිතය බොහොම සංවරශීලිව, ආතතියෙන් තොරව හැඩගස්වා ගැනීමට එතුමාගේ ජිවන රටාව ආදර්ශයකට ගත හැකිය. එතුමාට නිවන් සුව පතමි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1045 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site