එක්සත් රාජධානියේදී නීතිය සැමට එක සේ ක්‍රියාත්මක වන බවත් කිසිවකුටත් විශේෂයක් නොකරන බවත් බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය අද (11) ප්‍රකාශ කළාය.
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයේ රැකවරණ යටතේ සිටින විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජූලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අගමැතිනිය ඒ බව සඳහන් කළාය.
ජූලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීම පැසසූ බ්‍රිතාන්‍ය අගමැතිනිය ඉක්වදෝරය ලබාදුන් සහයෝගයට ද ස්තූති කළාය.
“එක්සත් රාජධානියේදී කිසිවකුත් නීතියට ඉහළින් නැහැ” යැයි ඇය කීවාය. බ්‍රිතාන්‍ය පොලිසියේ විශිෂ්ට වෘත්තීයභාවය ද අගමැතිනි තෙරේසා මේ අගය කළාය.
(ඒ. එෆ්. පී. ඇසුරිනි)
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd