අවුන් සාන් සුකීට මරණීය තර්ජන එල්ල වීමෙන් පසු මියැන්මාර් පොලීසිය ඇයට ආරක්ෂාව ලබා දීමට ප්‍රථම වරට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියැන්මාරයේ පොලිස් ප්‍රධානි බීබීසියට පවසා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවායද සඳහා වු ජාතික ලීගයේ (එන්එල්ඩී) නායිකාවන අවුන්සාන් සුකීට ආරක්ෂාව සඳහා විශේෂ ඒකකයක් පිහිටවු බවයි.
සූකී මහත්මියට මියැන්මාරයේ ජනාධිපති වීමට හැකි වන පරිදි ඉදිරිපත් කිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධන හේතුවෙන් ඇයට මෙම මරණීය තර්ජන එල්ලවී තිබේ.
පසුගිය ඒකාධිපති හමුදා රජය යටතේ ඇය වසර ගණනාවක් නිවාස අඩස්සියේ ගත කලාය.
අනතුරුව පසුගිය නොවැම්බරයේ මියැන්මාරයේ පැවැත්වූ මහා මැතිවරණයෙන් සූකී මහත්මියගේ එන්එල්ඩී පක්ෂය වාර්තාගත ජයග්‍රහනයක් අත්කර ගන්නා ලදී.
කෙසේ වෙතත් සූකී මහත්මියට තම මුහුණු පොත මගින් මරණීය තර්ජණය කල පුද්ගලයා මෙම ක්‍රියාව සම්බ්න්ධයෙන් තම කනගාටුව පලකර ඇත. කෙසේ වෙතත් එම තැනැත්තාගේ මරණ තර්ජනයය ඉතාමත් බරපතල තත්වයක් බව ආරක්ෂක ප්‍රධානීහු කියති.
මේ සම්බන්ධයෙන් එරට පොලිස් ප්‍රධානියා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මුහුණු පොතේ මෙම තර්ජනය දුටු වහාම සූකී ගේ ආරක්ෂාව දැඩි කරන්නැයි තම නිලධාරින්ට වහාම උපදෙස් දුන් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd