බීරූට්හිදීය (ඒ.එෆ්.පී)
‘ඉස්ලාමික් ස්ටේට්’ ජිහාද් සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි වසරකට පසු හඬ පටයක් නිකුත් කර ඇත.
පසුගිය සැප්තැම්බර් මාසයෙන් පසු අයි.එස් සංවිධානයේ නායකයා හඬ පටයක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය වන අතර අයි.එස් නායකයා මෙම හඬ පටය නිකුත් කර ඇත්තේ බදාදා (22) ය.
හඬ පටය නිකුත් කරමින් “ජිහාද්” ව්‍යාපාරයට සහාය දෙන්නැයි අයි.එස් සංවිධානයේ නායකයා සියලු මුස්ලිම් වැසියන්ට ප්‍රකාශ කර ඇත.
ඉස්ලාම් බැතිමතුන්ගේ ඊද් අල්-අදා දිනය වෙනුවෙන් ටෙලිග්‍රෑම් තාක්ෂණය ඔස්සේ අයි.එස් නායකයා මෙම හඬ පටය නිකුත් කර තිබේ.
අයි.එස් සංවිධානයේ නායකයා මෙම හඬ පටය නිකුත් කරන අවස්ථාව වනවිට එම සංවිධානයට ඉරාකයේත් සිරියාවේත් ඔවුන්ගේ පාලන ප්‍රදේශ බොහෝමයක් අහිමි වී තිබේ.
“තම ආගම, ඉවසීම, සතුරන්ට එරෙහි ජිහාද්වාදය අමතක කළ සියලු දෙනා මෙන්ම මැවුම්කරුවගේ පොරොන්දු රකින්නට අපොහොසත් වූ සියලු දෙනා නියත වශයෙන්ම අපකීර්තියටත් නින්දාවටත් පත්වනු ඇතැයි” අයි.එස් නායකයා තම හඬ පටය ඔස්සේ සඳහන් කර ඇත.
“එහෙත් ඔවුන් ඒ වෙනුවෙන් රැඳි සිටියහොත් ඔවුන් ප්‍රබල හා ජයග්‍රාහී වනු ඇත” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.
අයි.එස් නායකයා මියගිය බව අවස්ථා ගණනකදී ප්‍රකාශයට පත්වුවත් ඔහු ඉරාක දේශසීමාව ආසන්න සිරියානු භූමියේ සිටින බව ඉරාක බුද්ධි නිලධාරියෙක් මැයි මාසයේදී පැවැසීය.
අල් බැග්ඩෑඩි ඔහුගේ අනුගාමිකයන්ගෙන් සමන්විත කුඩා කණ්ඩායමක් සමඟ ගමන් කරමින් සිටින බව පැවසේ.
බැග්ඩෑඩි පිළිබඳ කතාබහක් ඇති වන්නේ ඉරාකයෙනි. ඔහු ලොව වැඩියෙන්ම අත්‍යවශ්‍ය පුද්ගලයා බවට පත්ව තිබෙන අතර ඔහු අල්ලා ගන්නා අයකුට එක්සත් ජනපද ඩොලර් මිලියන 25ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව ද ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කර ඇත.
055
2025 නොවැම්බර් මස 04
347
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2152
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1631
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයි.එස් නායකයාගේ හඬ පටයක් නිකුත් වෙයි