
යුරෝපා රාජ්‍යයක් වන අයිස්ලන්තයේ මහ මැතිවරණය පසුගිය 25 වැනිදා පැවැත්වුණු අතර එහි ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ආරම්භ වී තිබේ.
ඒ අනුව, බහුතරය හිමි නොවුණත්, අයිස්ලන්ත පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ ගොස් ඇති බව එරට මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
අයිස්ලන්ත පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ 'ඇල්තින්' මන්ත්‍රණ සභාව යනුවෙනි. පසුගිය 25 වැනිදා 'ඇල්තින්' මන්ත්‍රණ සභාවේ ආසන 63 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමට මහ මැතිවරණය පැවැත්විණි. එයින් ආසන 30 ක් කාන්තාවන්ට හිමිවීම සුවිශේෂිත්වයක් ලෙස සැලකෙයි. ප්‍රතිශතයක් ලෙස එය සියයට 48 කි.
ඒ අනුව, යුරෝපා රටක පාර්ලිමේන්තුවක කාන්තාවන් වැඩි ආසන සංඛ්‍යාවක් නියෝජනය කරන්නේ අයිස්ලන්තයේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අයිස්ලන්තය උතුරු අත්ලාන්තික් සාගර දූපතකි. ජයගහනය 3,71,000 කි.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වගේ සාරිය කරට අරගෙන බැනගන්නේ නෑ