කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් අයර්ලන්තයේ පාසල් , විශ්ව විද්‍යාල සහ පොදු ස්ථාන අද (12) සිට වසා දමා ඇත.
අයර්ලන්ත අගමැති තාඕසීච්ලියෝ වර්ඩ්කාර් පැවසුවේ මෙම පියවර මාර්තු 29 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි.
කෙසේ වුවද කඩ සාප්පු විවෘතව පවතින අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ඔහු පවසයි.
අයර්ලන්තයේ කොරෝනා වයිරසයට සම්බන්ධ පළමු මරණය ඊයේ වාර්තා වීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.
අද (12) උතුරු අයර්ලන්තයෙන් නව රෝගීන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර මේ වනවිට අයර්ලන්තයේ මුළු රෝගින් සංඛ්‍යාව 20 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරස රෝගය වැළඳුණු තවත් දෙදෙනෙකු අද මියගොස් ඇති අතර, මුළු මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට බ්‍රිතාන්‍යයේ තහවුරු වී ඇති රෝගීන් සංඛ්‍යාව 596 කි.
(බීබිසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 16
30
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
826
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අයර්ලන්තයේ පාසල් - විශ්ව විද්‍යාල වසා දමයි