වැඩිම කාලයක් පිළිමයක් මෙන් හිඳගෙන සිටින තැනැත්තාට හෝ තැනැත්තියට අලූත්ම අයිපෝනයක් තෑගි ලෙස ලැබෙන අපූරු කී‍්‍රඩාවක් පසුගිය දිනෙක චීනයේ ෂැන්ග්හයි නුවර කි‍්‍රයාවට නැංවිණි.
නගරයේ වූ ශාලාවකට එක්රැස්ව සිටි 282 නෙක් අභියෝගය භාරගත්හ. කී‍්‍රඩාවේ නීති වලට අනුව ඔවුන්ට සෙලවීම, සිනහවීම, ඈනුම් ඇරීම හා හුන් තැනින් නැගිටීම ආදී සියල්ල තහනම් විය.
පැයක් ගතවීමට මත්තෙන් රැස්ව සිටි බොහෝ දෙනෙක්ට තරග කොන්දේසි කඩකිරීම නිසා තරගයෙන් ඉවත්වීමට සිදුවිය.
පැය 3 කට ආසන්න කාලයක් පිළිමයක් සේම නොසැළී සිටි කාන්තාවක අවසානයේ ජයග්‍රහණය කළාය. ඇය පෙර පාසැල් ගුරුවරියක් වූවාය.
මෙම අපූරු කී‍්‍රඩාව දකුණු කොරියාවේ සිට පැමිණයෙකැයි සදහන්ය. මෙහි සැබෑ අරමුණ වන්නේ කාර්යබහුල ජීවිතයෙන් මිනිසුන් මුදවා ඔවුන්ට සුළු කාලයක් හෝ කිසිත් නොකර එකතැන හිදීමට සැලැස්වීමය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තිබුනා නම් මම තමයි දිනන්නේ (නි)
මම කැමතියි ඇය පොඩ්ඩක් හමුවෙන්න (නි)
ඇත්තටම හොද අදහසක්.(හේ)
මේ ක්‍රීඩාව ලංකාවෙත් කෙරුවොත් හොදයි. එතකොට ලංකාවේ අය භාවනා කරන්න අලුතින් පුරුදු කරන්න ඕනේ නෑ.(හේ)
ලංකාවෙත් මෙහෙම එකක් තියන්න බැරිද? (නි)