IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


අයින්ස්ටයින්ටත් වැරදිලා

අයින්ස්ටයින්ගේ වරදක් 23 හැවිරිදි ශිෂ්‍යකු විසින් නිවැරදි කැර ඇතැයි අයින්ස්ටයින් සතුව තිබූ ලිපියක් මගින් හෙළිදරව් වී ඇත. භෞතික විද්‍යා විද්‍යාපති උපාධිය සඳහා සූදානම් වෙමින් සිටි හර්බට් සැල්සර් නමැති මේ සිසුවා අයින්ස්ටයින්ගේ ප්‍රසිද්ධ සමීකරණයක් නිවැරදි නොවන බව පෙන්වා දුන් බව මේ ලිපියෙන් පැහැදිලි වේ.

අයින්ස්ටයින් පළමුව මේ සිසුවාගේ මතය ආචාරසම්පන්නව ප්‍රතික්ෂේප කරමින් ඔහුට දීර්ඝ ලිපියකින් තම නිවැරදි බව දක්වා තිබේ. අයින්ස්ටයින් එම ලිපිය අවසන් කැර ඇත්තේ මා දැන් ඔබට පෙන්වන්නම් එම සමීකරණය ඇත්තෙන් ම ඔබ කියන ලද සමීකරණය නොවන බව පවසමිනි. ඔහු ලිපියේ අත්සන යොදා ඇත්තේ ඔබට ගෞරවයෙන් ඒ.අයින්ස්ටයින් යනුවෙනි.

ඉන් සති දෙකකට පසු සැල්සර්ට අයින්ස්ටයින් විසින් එවන ලද දෙවන ලිපියෙන් අයින්ස්ටයින් තමන් වරදක් කැර ඇති බව නිහතමානීව පිළිගෙන ඇත. 1938 සැප්තැම්බර් 13 වැනි දින ලියන ලද එම දෙවැනි ලිපියේ එම වරද තමන්ගේ බව ද ඔහු අයින්ස්ටයින් සඳහන් කැර තිබේ.

එම දෙවැනි ලිපියේ අයින්ස්ටයින් මෙසේ දක්වා තිබේ.

‘‘ පරිනාමයට ඇත්ත වශයෙන් අවශ්‍ය සාපේක්ෂතාවාදයේ සිද්ධාන්තයි. ඒ නිසා ඔබගේ රූපාන්තරණ සමීකරණය නිවැරදිය. මගේ එම සමීකරණ නිවැරදි නොවේ. මගේ පළමු ප්‍රකාශය නිවැරදි නොවේ. “

මේ ලිපි හුවමාරුව අදාල වන්නේ අයින්ස්ටයින්ගේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රෙය් සහ ගුරුත්වාකර්ශනයේ එන සමාන්තර වාදයේ සිද්ධාන්තයකටය.

අයින්ස්ටයින් මේ සිද්ධාන්තය සංවර්ධනය සඳහා වසර ගණනාක් තම කාලය මිඩංගු කළ අතර මේ කාර්යය 1931 දී අයින්ස්ටයින් විසින් අත්හැර දැමුවේ මෙම ක්ෂේත්‍ර දෙක පිළිබඳ තේරුම්කර දීමට ඔහුට නොහැකි වූ බැවිනි.

පසුකාලයේ දී අයින්ස්ටයින් ඒ ගැන හෙළිදරව්කරමින් පවසා ඇත්තේ සැල්සර් නමැති ඇමෙරිකානු සිසුවා තමන්ගේ සිද්ධාන්තය නිවැරදි කළ බවයි. පසුව සැල්සර් ගෞරව සම්ප්‍රයුක්ත භෞතික විද්‍යාඥයෙක් වූයේය. ඔහු කොලම්බියා සහ බ්රුක්ලන්ඩ් විශ්වවිද්‍යාලයන්හි දේශනවලට සහභාගී විය. එමෙන් ම ප්‍රකාශන 100 ට වැඩි ප්‍රමාණයක් ප්‍රසිද්ධ කරන ලදී.

හර්බට් සැල්සර් 2006 දී මියගියේය. මියයන විට ඔහු 91 වැනි වියේ පසුවිය. සැල්සර් මිය යාමෙන් පසු ඥාතීන් අතට පත්වූ පසුගිය දා වෙන්දේසියකට ඉදිරිපත් කැරිණි. ජර්මානු භාෂාවෙන් අයින්ස්ටයින් විසින් ලියන ද ලිපියක් සහ සැල්සර්ට ලියන ලද මෙම ලිපියේ මුල් පිටපත වෙන්දේසියේ දී පවුම් 50,000 ට මිලකැර තිබේ.

ලොස් ඇන්ජලිස් හි උපත ලද්දකුවන මෙම නේදේසිකරු ජෝ මැඩලිනා පවසන්නේ මේ ලියුම් විශිෂ්ඨ ඒවා වනුයේ අයින්ස්ටයින් විසින් වයස 23ක භෞතික විද්‍යා සිසුවකුට තම වරද භාර ගනිමින් බැගෑපත්ව ඇති නිසා බවයි. 

 

 



අදහස් (0)

අයින්ස්ටයින්ටත් වැරදිලා

ඩී.උපුල් Wednesday, 18 June 2014 08:14 AM

සොයා නොගත් තව මොන මොන වැරදි ඇතිද දෙවියනේ ? (නදී)

:       0       0

රොෂාන් Thursday, 19 June 2014 08:15 PM

නියම කතාව (අ)

:       0       0

ලාලනී Tuesday, 17 June 2014 04:28 PM

එස්.බී ලිපිය කියවන්න ඇති කියල හිතෙනවා. (නදී)

:       0       0

කාන්ති Tuesday, 17 June 2014 04:35 PM

ගුරුන්ටත් අකුරු වැරදියි කියන්නේ ඔන්න ඕක (දී)

:       0       0

ලසන්ත Thursday, 19 June 2014 10:39 AM

භෞතික විද්‍යාත්මක දේවල් හී වැරදි නිවැරදි කමට වඩා, මෙහි දකින වැදගත්ම දේ නම් නිහතමානීව යමක් සොයබැලීමට යොමුවීම හා අනෙකා නිවැරදි හා නිදහස් කිරීමට යොමුවීමයි.(නදී)

:       0       0

සෑම් Wednesday, 18 June 2014 12:32 PM

අධ්‍යාපනය කියන්නේ මේකටයි. අපේ රටේ නම් අධ්‍යාපනය කියන්නේ සත්තු වත්තේ ඉන්න සතුන් වැඩිම ගානකගේ නම් කියන්න පුළුවන් වීමයි. (නදී)

:       0       0

රජින්ද Tuesday, 17 June 2014 03:23 AM

නිරහංකාරකම සැබෑ බුද්ධියේ කැඩපතයි (නි)

:       0       0

විජේබා Tuesday, 17 June 2014 01:54 PM

අන්න නියම මනුෂ්‍ය ගති ගුණ. අපේ අය්යලා නම් ජීවිතේට තමන්ගේ වරදක් වුනාය කියල පිළිගන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි තමන් හරිය කියල ඔප්පු කරන්න තව බොරු ටොන් ගානක් කියනවා. කටුස්සෝ වගේ පාට වෙනස් කරමින් අහිංසක නුගත් මිනිස්සුන්ට ඔලුව පෙන්නන ඔලු බක්කෝ තමයි ගොඩක් ඉන්නේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1071 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1099 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 420 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site