ඉරාකයේ උතුරුදිග සලාහුදීන්හි පිරික්සුම් මෙහෙයුමක යෙදෙමින් සිටි පොලිස් නිලධාරීන් පිරිසක් වෙත අයිඑස් ත්‍රස්තයන් විසින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් උසස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු පොලිස් නිලධාරීන් හයදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
ඉරාකයේ ආරක්ෂක අංශ ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාර එල්ලවීම නිරතුරුවම සිදුවුවද ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් ඝාතනය වීම දුර්ලභ සිදුවීමක් බව බලධාරීහු පවසති.
මේජර් ජෙනරාල්වරයෙකු හා බ්‍රිගේඩියර්වරයෙකු මෙලෙස මියගොස් ඇත.
මෙම සිදුවීමෙන් පසු ත්‍රස්තවාදින් පලාගිය ප්‍රදේශය ඉලක්ක කර ගුවන් ප්‍රහාර එල්ල කළ බව සඳහන් වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd