අයිඑස් සංවිධානය විසින් ඉරාකයේ මොසුල් නුවර සේවය කරමින් සිටියදී පැහැරගනු ලැබූ ඉන්දීය ජාතික ඉදිකිරීම් සේවකයින් 39දෙනා මරාදමා ඇතැයි ඉන්දීය බලධාරීහු පවසති.
විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් පවසන්නේ සමූහ මිනීවලක තිබී සොයාගත් සිරුරු සම්බන්දයෙනක් සිදුකල ඩීඑන්ඒ පරීක්ෂණ වලින් මේ බව තහවුරු කරගෙන ඇති බවයි.
කෙසේ වුවද 2014 වර්ෂයේදි මොවුන් පැහැරගනු ලැබූ අවස්ථාවේ සිට මේ දක්වා ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කරන ලද්දේ ඔවුන් ජීවත්ව සිටින බවයි.
මෙම සේවකයින් බේරාගැනීම සඳහා ඉන්දියාව විසින් බොහෝ ප්‍රයත්න දැරූ අතර ඉරාකය විසින් මොසුල් නගරය අත්පත්කරගැනීමෙන් පසුවද නිදහස් කරගැනීම සම්බන්දව බලාපොරොත්තු තබා සිටියේය.
අයිඑස් සංවිධානය විසින් මොවුන් ඝාතනය කළ බවට කිසිම සාධකයක් නොමැති බව ස්වරාජ් මහතා විසින් ඉන්දිය පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කර තිබිණි. මෙසේ මියගිය සේවකයන්ගෙන් 31දෙනකු පන්ජාබ් වැසියන් වන අතර අනෙක් අය හිමාචල්, බිහාර් සහ බටහිර බෙනගාල් වැසියෝ වෙති.
(බීබීසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
71
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අයිඑස්ලා පැහැරගත් ඉන්දියානුවන් මරා දමලා