බටහිරි ඕස්ට්‍රේලියාවේ මුහුදෙන් මාරක විෂ සහිත අරුම පුදුම ජෙලිෆිෂ් කෙනකු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිනිස් අතක් තරම් විශාල සිරුරකට හිමිකම් කියන මේ සත්ත්වයාගේ ග්‍රාහක කිසිවක් පිහිටා නැතිවීම විශේෂත්වයකි.
කිසින්ගියා ගිගා යනුවෙන් නම්කැර ඇති මේ සත්ත්වයා සොයාගෙන ඇත්තේ ක්වීන්ස්ලන්ත මුහුදු උපදේශක සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලිසා ඈන් ගර්ෂ්වින් විසිනි. මොවුන් අයත්වන ඉරුකන්ජි නම් ජෙලිෆිෂ් ඝනයේ වාර්තා වී ඇති අනෙක් සතුන් මිනිස් නියපොත්තක් තරම් බව ද පර්යේෂකයෝ කියති. එසේ වුව ද මේ සතා අඟල් 12-20ත් අතර දිගකින් යුක්තය.
සාමාන්‍යයෙන් ජෙලිෆිෂ් සතුන්ගේ ග්‍රාහක දක්නට ලැබෙයි. ඉන් ආහාර අල්ලා ගනී. ග්‍රාහක නැති මේ ජෙලිෆිෂ් වෙනත් සතකුට පහරදෙන්නේ කෙසේ ද යන්න ගැටළුවක් බව ගර්ෂ්වින් මහත්මිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ ආහාර ජීර්ණ පද්දතියක් පෙන්නම නැහැනේ.හිතාගන්නත් අමාරුයි මේ ජිවියෙක්ද අජිවියෙක්ද කියලා (දිල්)